ලිංගික ආසාව ගැන ඔයාටත් මේදේ වෙන්න පුලුවන්.. එහෙම උනොත් වෙන දේ මෙන්න.

Sri Lanka Ministry of Health Sri Lanka Sexual harassment
By Aruna Dec 05, 2022 11:14 PM GMT
Report

මේ ලෝකෙ ඉන්න හැම කෙනෙක්ටම ලිංගිකත්වය එහෙමත් නැත්තම් ඵය ගැන පොඩි හෝ කැමැත්තක් තියෙනවා.

මොකද ඒ විදිහට තමයි අපේ ඇඟ සහ මොළය කියන දේවල් දෙකම හැදිලා තියෙන්නේ. Sex කියන්නේ ලෝකෙ පවත්වාගෙන යන්න තියෙන ප්‍රධානම සාධකය කියන දේත් ඔයා දන්නවනේ.

හැබැයි එහෙම වෙද්දී සමහර මිනිසුන්ට අසාමාන්‍ය විදිහට ලිංගික අසහනයක් ඇතිවෙන්නේ කොහොමද කියලා හිතලා බැලුවද?

ඒ කියන්නේ කාට හරි අපචාරයක් හෝ අපයෝජනයක් කරන්න හරි කවුරු හරි ගැහැනු කෙනෙක්ව දූෂණය කරන්න වගේ දෙයක් ඇත්තටම ඔළුවට එන්නේ කොහොමද?

බයක් හිතෙන්නෙ නැද්ද? ඒ ගැන වගේ දෙයක් හිතලා නැද්ද ඔයත්.

ඒ ප්‍රශ්නෙම තියෙන කෙනෙක් නම් ඔයාට මේ ලිපිය ගොඩක් වැදගත් වෙයි.

මොකද අද මම කතා කරන්නේ මෙන්න මේ මානසිකත්වය ගැන වගේම මේ වගේ mentality එකක් මිනිහෙක්ට හැදෙන්නේ කොහොමද කියන දේ ගැන.

ගොඩක් වෙලාවට ඔයා දැකලා ඇති බටහිර ලෝකයටත් වඩා ආසියානු කලාපයට වෙන්න මේ දූෂණ, අපයෝජන කියන මාතෘකාව වැඩියෙන් කතාබහ වෙන එක සහ වැඩියෙන් අහන්න වෙනවා කියන දේ.

මේකට ප්‍රධානම හේතුව තමයි Sex කියන දේ මැජික් එකක් වුණු එක. සරලව කිව්වොත් අපේ රටේ පවා ගෑනු ළමයෙක් කොට කලිසමක් ඇඳගෙන ඉන්න එක ලොකු ප්‍රශ්නයක් වෙන තරමටම Sex කියන දේ අරුම පුදුම දෙයක් වෙලා තියෙන්නේ.

ඕනිම දේකට සීමාවක් තියෙන්න ඕන. හැබැයි එහෙමයි කියලා සංස්කෘතිමය රාමුවක් කියා ගන්න පුහු විකාර නිසා මේ තත්ත්වය ඇතිවෙලා කියලයි මම නම් හිතන්නේ.

මොකද අපේ රට, ඉන්දියාව වගේ රටවල පවා අධ්‍යාපනය එක්ක අපිට Sex ගැන දැනුමක් දෙන්න බැරිවෙලා තියෙනවා.

ඉතින් මේ ගැන තියෙන කුතුහලය එක්ක පුංචි ළමයගේ ඉඳන් අන්තර්ජාලයෙන් මේ ගැන හොයන්න උත්සාහ කරනවා.

Google කියන්නේ ලෝකෙ තියෙන ප්‍රධානම search engine එකක්නේ.

Google එකේ Sex කියන වචනෙන්ම මේ ගැන search කරලා අපි ලෝකෙ පළමුවැනි දෙවැනි තැන්වලට පවා එන්නේ මෙන්න මේ වගේ හේතු නිසාම තමයි.

සමහරවිට මේක කියවන ඔයාටත් Sex කියන වචනෙ ඇහුවම ඒක ගැන දැනෙන්නේ ඒ වගේ දෙයක් නම් ඒ විදිහ හදාගන්න.

මොකද Sex කියන්නෙ මැජික් එකක් නෙවෙයි. Abuse එකක් වෙන්න අපචාරයක් අපයෝජනයක් වෙන්නේ.

මිනිහෙක්ගේ ශාරීරික වගෙම මානසික බැමිත් කඩල ගියාම. මොකද මිනිස්සු එතකොට uncontrollable වෙන්න ගන්නවා.

අපේ ඇඟ කරන හැමදේම අපේ mentality එකෙන් Control වෙනවා. ඒත් ඒ සීමා නැතිවෙලා මනසෙ පාලනය නැති වුණාම හිතෙන හිතෙන දේවල් කරන්න අපි පටන් ගන්නවා.

ඒකෙන් වෙන්නෙ අපි අර “මිනිස්සු” කියන වචනෙ තේරුමට ගැළපෙන්නෙ නැති විදිහෙ වැඩ කරනවා.

Sex ගැන මහා කුතුහලයක් අධික ආශාවක් තියෙන කෙනෙක්නම් ඒ කෙනා අනිවාර්යයෙන්ම ඒඡභඵඪමඥ mentality එකකට එනවා.

Sexually Abusive කියන දේ ස්පර්ශයකින් පටන් අරගෙන ස්ත්‍රී දූෂණයක්, ඝාතනයක් වෙනකන්ම යන්න පුළුවන් දෙයක්.

ලිංගික අපයෝජනය කියන දේ ගැන හරියටම නිර්වචනයක් අපිට මේ විදිහට දෙන්න පුළුවන්. “ලිංගික අපයෝජනය යනු කැමැත්තෙන් තොරව සිදුවන ඕනෑම ලිංගික ක්‍රියාවකි.

ලිංගික අතවර හෝ ලිංගික ප්‍රචණ්ඩත්වය ලෙසද හ¾දුන්වනු ලබන අතර එයට වෙනත් ලිංගික ක්‍රියා අතර අනවශ්‍ය ලිංගික ස්පර්ශ කිරීම් බලහත්කාරයෙන් සිදුවන සංසර්ගය සහ දූෂණය ඇතුළත් වේ.”

මම මේ ගැන පැහැදිලි නිර්වචනයක් මෙතැනට එකතු කරන්න හිතුවේ අපේ බහුතරක් දෙනා ලිංගික අපයෝජනය කියන්නේ හරියටම මොකක්ද කියන්නේ දන්නෙ නැති නිසයි.

මෙන්න මේ වගේ මානසිකත්වයක් තියෙන අය සමහරවිට ඔයාගේ පවුලේ, පොදු ප්‍රවාහනයේ ඉඳන් හැම තැනකට එනකන්ම දකින්න පුළුවන්.

මොකද අපේ බහුතරයක්ම Sex කියන දේට ඒ තරම්ම නරක විදිහට ඇබ්බැහිවෙලා තියෙන්නේ.

මෙහෙම අයගේ මානසික මට්ටම දිගින් දිගටම මේ විදිහට අවුල් වෙන්න ගත්තම මේ අයට තමන්ගේ ලිංගික ආශාවන් පාලනය නැති වෙනවා.

එතැනදි වයස් භේදයක්, ගැහැනු, පිරිමි භේදයකින් තොරව මේ අය ලිංගික අපයෝජනය සඳහා යොමු වෙනවා.

අවසානෙදි තමන්ගෙ වගේම අනුන්ගෙත් ජීවිත විනාශ කර ගත්ත බහුතරයක් දෙනා මට මුණගැහිලා තියෙනවා.

Sexually Abusive mentality එකක් ඇති වෙන්න කලින් සඳහන් කරපු හේතු කාරණා වගෙම bad childhood කියන සාධකයත් ගොඩක් වෙලාවට බලපානවා.

ලිංගික අපයෝජන සඳහා පෙලඹෙන බොහෝ අය තමන් කුඩා කාලයේදි අපයෝජනයට ලක්වුණු අය.

ඒක දිගින් දිගටම වෙන්න වෙන්න මේ අය ඒ වෙනුවෙන් ඇබ්බැහි වෙන්න පටන් ගන්නවා. එතකොට ඒ අය තමන්ගෙ ජීවිත කාලයම ඒ වෙනුවෙන් වැය කරනවා.

ඒක හරියට මත්ද්‍රව්‍යයකට ඇබ්බැහි වෙනවා වගේම දීර්ඝකාලීනව බලපාන දෙයක් මේකෙන් ගැලවෙන්න ගොඩක් අය අසමත් වෙනවා.

ඒ අය තමන්ගේ ජීවිත යම්කිසි ලිංගාශ්‍රිත රෝගයකින් හෝ බන්ධනාගාරයකින් කෙළවර කර ගන්නවා.

Sexually Abusive mentality එකක් ඇති වෙන්න තවත් හේතුවක් විදිහට අධික ලෙස අසභ්‍ය දර්ශන එහෙමත් නැත්තන් porn වලට ඇබ්බැහිවීම දකින්න පුළුවන්.

මොකද අධික විදිහට porn වලට ඇබ්බැහිවීමෙන් මේ අයට ඇතිවෙන අධික ආශාව, ඇබ්බැහිය එක්තරා තැනකදි තමන්ට තමන් ගැන තියෙන පාලනය නැති කරන්න තරම්ම ප්‍රබල වෙන්න පුළුවන්.

මොකද self control කියන දේ නැති වීම මේකට බොහෝවෙලාවට බලපානවා. bad childhood එකක් ඇරුණම මේ Sexually Abusive mentality එකක් ඇති වෙන්න බලපාන ගොඩක්ම හේතු තමන්ට තියෙන self control එක නිසා ඇති වෙන්න පුළුවන්.

ඒකට හොඳම උදාහරණයක් තමයි සමහර අයට මත්ද්‍රව්‍ය භාවිතයෙන් පස්සේ අධිකව ඵඥය කියන දේට නැඹුරුවක් ඇති වෙනවා.

ඒකෙදි තමන් කවුද තමන්ගේ සීමා මොනවද කියලා ඒ අයට අමතක වෙනවා.

අන්න ඒ වගේ සිදුවීම්වල ප්‍රතිඵල විදිහට “බීමත් පියා තමන්ගේ දියණියව දූෂණය කරයි” වගේ ප්‍රවෘත්ති අපිට අහන්න දකින්න ලැබෙන්නේඤ Sexually Abusive mentality තියෙන සමහර අය තමන්ගේ තත්ත්වය බරපතළයි කියලා තමන්ටම දැනෙන්න ගත්තම ප්‍රතිකාරවලට යොමු වෙනවා.

ඒක සාමාන්‍ය දෙයක්. මොකද සමහරවිට තමන්ගේ පාලනය තමන්ට නැති වෙන්න යන්න පුළුවන්.

හැබැයි තමන්ට ඒකෙන් එළියට එන්න උනන්දුවක් තියෙනවා කියන එකම හොඳ ප්‍රවණතාවක් විදිහට අපිට පෙන්වන්න පුළුවන්.

මොකද sex addictionවලින් එළියට එන්න අවශ්‍යය අයට බොහෝ coaching session කියන්නේ හොඳ ප්‍රතිකාර ක්‍රමයක්.

සමහර අවස්ථාවලදි මගේ coaching sessions වලට මේ වගේ අය සහභාගි වෙනවා.

අපිට ඒ අයව coaching sessionsවලට ඇතුළත් කරගෙන ඒ අයට තියෙන sex addiction එකෙන් හෝ Sexually Abusive mentality එළියට එන්න උදවු කරන්න පුළුවන්.

ඒ නිසා මේ තත්ත්වය පාලනය කරන්න පුළුවන් මානසික තත්ත්වයක්.

ඒ ගැන හොඳට මතක තියා ගන්න.

මේ ලිපිය කියවන ඔයත් මේ වගේ තත්ත්වෙක ඉන්න කෙනෙක් නම් නැවත වතාවත් තමන්ගේ mentality එක ගැන හිතලා බලන්න.

හිනාවෙලා හිටපං!

උපුටා ගැනීමක්:


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now