හරක් කටා හා කුඩු සළිඳු ගැන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් අනාවරණය කර ගනී..!
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්, හරක් කටා හා කුඩු සළිඳු පිළිබඳව තවත් තොරතුරු රැසක් මේ වනවිට අනාවරණ කරගෙන තිබේ.
නඳුන් චින්තක නොහොත් හරක් කටා හා සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු පසුගිය මාර්තු පළමුවනදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන මෙරටට ගෙන ඒමෙන් පසුව දින 90ක රැඳවුම් නියෝග ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කළා.
එමෙන්ම, සළිඳු මල්ෂිත හෙවත් කුඩු සළිඳු සම්බන්ධයෙන් වැඩිදුර වාර්තාවක් විමර්ශන නිලධාරීන් විසින් පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබේ.
හරක් කටා හා කුඩු සළිඳු ඩුබායීහී සිට මැඩගස්කරය බලා ගමන් කළ ජෙට් යානය ඔවුන්ට සපයා ඇත්තේ, LTTE ත්‍රස්ත ජාලය සමග සෘජුවම සබඳතා පවත්වන ලද ඉන්දික බණ්ඩාර නොහොත් හර්බි යන පුද්ගලයෙකු විසින් බව අධිකරණය හමුවේ අනාවරණ වුණ.
අදාල පුද්ගලයා LTTE ත්‍රස්ත ජාලය තුළ ක්‍රියාත්මක වෙමින් ප්‍රභූවරුන් ඝාතනය කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය සමග ත්‍රස්ත මර්ධන කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගත් අයෙක් වන අතර ඒ පිළිබඳව අධිකරණය හමුවේ වරදකරුවකුද වූවෙකි.
හරක් කටා සමග කුඩු සළිඳු මැඩගස්කරයට පැමිණ ඇත්තේ, ඔහුගේ විදෙස් ජාතික බිරිඳට දාව උපන් දරුවාගේ ආගමික වතාවත් සඳහා බවද අනාවරණ වී තිබේ.
එමෙන්ම හරක් කටා අවස්ථා දෙකකදී මෙරටට හෙරොයින් කිලෝ ග්‍රෑම් 645ක්, නීති විරෝධී ගිනි අවි 3ක්, AK-47 වර්ගයේ ගිනි අවි 05ක් හා එම උණ්ඩ 1000ක් මෙරටට එවීමේදී අත්අඩංගුව ගත් බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තා කළේය.
මේ සම්බන්ධයෙන් මෙරට ආරක්ෂක අංශ ජාත්‍යන්තර පොලිසිය මගින් ඉන්දියානු රජයෙන් කරන ලද විමසීමකදී අනාවරණ වී ඇත්තේ අදාළ මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවන ප්‍රධාන සැකකරුවන් LTTE සංවිධානය සමග සම්බන්ධතා පවත්වා ඇති බවය.
ඒ අනුව සැකකාර කුඩු සළිඳු සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන, පාර්ශ්ව කිහිපයක් විසින් සිදුකරන බව ද විමර්ශන නිලධාරීන් අධිකරණයට වැඩිදුර වාර්තාව මගින් දැනුම් දී තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |