මේ දිනවල වේගයෙන් පැතිර යන HFMD රෝගය බෝ වෙන හැටි.
මේ දිනවල ලංකාවේ බහුලව ව්‍යාප්ත වෙමින් පවතින රෝගයක් තමයි Hand-Foot- Mouth එහෙමත් නැත්නම් අත් පා මුඛ රෝගය. මේ රෝගය නිසා ගොඩක් අම්මලා බය වෙනවා. මොකද දරුවන් අතරේ මේක වැඩිපුර පැතිර යාම හේතුවෙන්.
අත් පාද හා මුඛ රෝගය කියන්නේ එන්ටෙරෝවයිරස් නමින් හඳුන්වන වෛරස් කාණ්ඩයක් මඟින් ඇතිවන වෛරස් ආසාදනයක්. බහුලවම වැළඳෙන්නේ අවුරුදු 5ට අඩු දරුවන්ටයි. වැඩිහිටියන්ට මෙම රෝගය වැළඳුනත් බොහෝවිට රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ නැහැ. හැබැයි රෝගී ලක්ෂණ නොමැති රෝගය ශරීරගත වූ වැඩිහිටියෙකුගෙන් තවත් කෙනෙකුට රෝගය සම්ප්‍රේෂණය වෙන්න පුළුවන්.
රෝගය පැතිරෙන්නේ කොහොමද?
👣 කෙල හෝ සෙම වලින්
👣 බිබිලි පිපිරී නිකුත් වන ශ්‍රාවයෙන්
👣 මලපහ මඟින්
👣 රෝගය වැළඳුණු දරුවෙකු සමඟ ගැවසීම
👣 රෝගී දරුවෙකුගේ කැස්සට හෝ කිඹුහුමකට නිරාවරණය වීම
👣 රෝගී දරුවෙකුගේ සෙල්ලම් බඩු මඟින්
මෙම රෝගය ශරීරයට බලපාන හැටි
👣 “වතුර බිබිලි” හෝ රතු පැහැති පලු/කුෂ්ඨ වැඩිපුරම හටගන්නේ අත්, අත්ල,වැලමිට, පාද, පතුල්, මුඛය, උගුර, තට්ටම් ප්‍රදේශය සහ පිට යන ප්‍රදෙශයන් වලයි. සමහර දරුවන්ට ශරීරය පූරා මෙම පලු හටගන්නත් පුළුවන්.
රෝග ලක්ෂණ
👣 උණ
👣 උගුරේ අමාරුව
👣 කෑම අරුචිය
👣 මලානික බව
👣 මේ රෝග ලක්ෂණ ඇතිවී දින දෙකකින් පමණ පසු රතු පැහැති කුෂ්ඨයක් හෝ වතුර බිබිලි හටගන්න පුළුවන්.
👣 රෝගයේ පීඩාකාරී බව ඇති වන්නේ මුඛයේ ඇති වන වේදනාකාරිබිබිලි/තුවාල නිසයි.
👣 දින කිහිපයකින් පසු මෙම බිබිලි පිපිරී ඝන පොත්තක් ඇති වනවා. ඉන්පසු රෝගයේ අවසානයේදී මෙම බිබිලි ඇති වුණු තැන් වල සම වියළි ගැලවී යන්න පුළුවන්.
රෝගය වැළඳුණු දරුවෙකුට ප්‍රතිකාර කරන්නේ කොහොමද?
👣 රෝග ලක්ෂණ පහල වූ විට දරුවාව වෛද්‍යවරයෙකුට පෙන්වන්න.
👣 නිවැරදිව වෛද්‍ය ප්‍රතිකාර ලබාදෙන්න.
👣 උණ සුවවුණු පසු බිබිලි තවමත් තිබුනත් දරුවාව ජලයෙන් පිරිසිදු කරාට කළාට හානියක් නැහැ.
👣 මෙම තුවාල ඉතාමත් වේදනාකාරී බැවින් රළු, ඉතා උණුසුම්, ඇඹුල්, සැර, ලුණු අධික අහාර මගින් වේදනාව වැඩිවන්න පුළුවන්.
👣 සියුම් සහ මද සිසිල් අහාරපාන දරුවට ලබාදෙන්න.
👣 දරුවා විජලනයට පත් නොවීමට හොඳින් ජලය සහ කැඳ වර්ග ලබාදෙන්න.
👣 මාස 6ට අඩු ළදරුවෙක් නම් මව්කිරි පමණක් ප්‍රමාණවත්.
👣 සාමන්‍යයෙන් රෝගය දින 7-10ක් ඇතුලතදී සුව වෙනවා.
👣 සුව වුණත් පසු කාලීනව වෙනත් ප්‍රභේද මඟින් මෙම රෝගය වැළදෙන්න පුළුවන්.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |