හම්බන්තොට නව තෙල් පිරිපහදුවට රටවල් රැසකින් අයැදුම්පත්.

Hambantota Sri Lanka Kanchana Wijesekera
By Wayomi Mar 28, 2023 08:59 AM GMT
Report

ඊයේ (27) දිනය වන විට හම්බන්තොට නව තෙල් පිරිපහදුවක් ඉදිකිරීම සඳහා අභිලාෂය පළකිරීමේ යෝජනා ඉදිරිපත් කිරීමේ අවසන් දිනය වන අතර සමාගම් 07ක් ඒ සඳහා අයදුම්කර තිබෙනවා.

එලෙස යෝජනා ඉදිරිපත් කළ සමාගම් අතරට චීනය, මැලේසියාව, සිංගප්පුරුව, ඉරානය යන රටවලට අයත් සමාගම් 05ක්ද, ශ්‍රී ලංකාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය අතර ඒකාබද්ධ සමාගමක් සහ මෙරට සමාගමක් අයත් බවයි විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර පවසන්නේ.

ඔහු ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරනවා.

ඒ අනුව තාක්ෂණික කමිටුව සහ ප්‍රසම්පාදන කමිටුව එම යෝජනා ඇගයීමට ලක්කර සුදුසු අයදුම්කරුවන් සඳහා බලපත්‍ර නිකුත් කිරීමට කටයුතු කරනු ඇති.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW