ශරීරයේ අවයව වල වැවෙන රෝම වලින් සෞඛ්‍ය ගැන කියැවෙන අනාවැකි.

By Wayomi Oct 27, 2022 01:19 PM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ශරීරයේ අවයව වල රෝම තිබීම සාමාන්‍ය දෙයක්. හිසකෙස්, ඇහිබැම ඇරුණම නිකටේ, අත් යට වගේම ඔබේ රහස් ප්‍රදේශ වලත් රෝම වැවෙනවා.

නමුත් සමහරුන්ට මේ රෝම වැවෙන ආකාරය ගැන විවිධ ගැටළු තියෙනවා. සමහරුන්ගේ රහස් ප්‍රදේශයේ රෝම වේගයෙන් වැවෙනවා.තවත් සමහරුන්ගේ ගණකමින් වැඩියි, එහෙමත් නැත්නම් ඉක්මණින් ගැලවෙනවා. ඉතින් මේ කොයි හේතුවට වුණත් බලපාන්නේ හෝමෝන වල වෙනස්වීම්.

ශරීරයේ, රහස් ප්‍රදේශයේ රෝම එක පාර වෙනස් වුණාද?

මෙහෙම තිබිලා ඔබේ ශරීරයේ රෝම එක පාරටම වෙනස් වෙන්න ගන්නවා නම් ඒක ඔබේ සෞඛ්‍යය ගැන මොකක් හරි දෙයක් කියනවා වෙන්න පුළුවන්. එක පාරටම තුනියට තිබුනු රෝම ගණකම වෙලා නම්, ගණකමට තිබුන රෝම ටික ගැලවිලා යනවා නම් වෛද්‍ය උපදෙස් ගැනීම වැදගත්.  

එහෙම වෙන්න හේතු


1. ඔබේ පුරුෂ හෝමෝන අසමතුලිත වීම නිසාත් ශරීරයේ වගේම රහස් ප්‍රදේශයේ රෝම ද වෙනස් වෙනවා.

🟣 එක පාරටම ඔබේ රෝම ගණකමින් වැඩි වෙන්න අරගෙන, වැවෙන වේගයත් වැඩි වෙලා නම් හෝ රෝම ගැලවෙන්නට පටන් අරගෙන නම් හේතුව මේක වෙන්න බොහෝ ඉඩ තිබෙනවා.

🟣 පිරිමි හෝමෝන කිව්වාට ඒක ගැහැණු පිරිමි දෙපාර්ශවයේම වෙනස් ප්‍රමාණ වලින් තිබෙනවා.

🟣 ටෙස්ටොස්ටෙරෝන් කියන හෝමෝනය තමයි මේකට වග කියන්න ඕනි.

🟣 ඔබ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය අඩංගු ඖෂධ හරි ශක්තිජනක දෙයක් හරි ගත්තා නම් ගණකමින් වැඩි, වේගයෙන් වැවෙන රෝම බලාපොරොත්තු වෙන්න පුළුවන්.

🟣 සමහර වෙලාවට කාන්තාවන්ගෙත් අනවශ්‍ය රෝම වැවෙනවා. පිරිමි අයගේ සාමාන්‍යයෙන් බඩ ප්‍රදේශයේ, පපුව ප්‍රදේශයේ වගේම තන පුඩුව අවටත් රෝම තියෙනවා ඔබ දැක ඇති. අඩුම තරමේ තන පුඩුව වටා රෝම 7ක් 8ක් වත් තියෙනවා.

කාන්තාවන්ටත් එහෙම රෝම එන්නේ කොයි කාලේද?

🟣 පුරුෂ රෝම රටාවන් කාන්තාවන්ට ඇති වන්නේ ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩි වුණාම.

🟣 ගොඩක් වෙලාවට එහෙම වෙන්නේ කාන්තාවන්ගේ ශරීරයේ ඊස්ට්‍රජන් මට්ටම අඩු වෙලා ගිහින් ආර්තවහරණයට ලක් වුණාට පස්සේ.

🟣 එතකොට ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන් මට්ටම ඉහල යනවා.


2. පොලිසිස්ටික් ඕවරි සින්ඩ්‍රෝම් (PCOS) කියන තත්වය

🟣 මේ තත්වය ඇති වෙන්නේ ප්‍රජනක හෝමෝන වල අසමතුලිතතාවයක් නිසා.

🟣 ඇමරිකාවේ කරන ලද සමීක්ෂණයකට අනුව දරුවන් හදන වයසේ ඉන්න කාන්තාවන් 10 දෙනෙක්ගෙන් එක් අයෙක් මේ තත්වයෙන් පසු වෙනවා.

🟣 මේකෙදි වෙන්නේ ඩිම්බ කෝෂයේ ගැටලු සහගත බව. මාසයකට වරක් ඩිම්බ පිට කරනවා ඔසප් චක්‍රයේ අවස්ථාවක.

🟣 PCOS තත්වය තියෙද්දි ඩිම්බ හරි ප්‍රමාණයට මෝරන්නේ නෑ.

🟣 එහෙම වෙලා ඒක පිට වීමෙදිත් ප්‍රශ්න ඇති වෙනවා.

🟣 සාමාන්‍ය කෙනෙක්ගේ වගේ නියමාකාරයෙන් ඩිම්බ මෝරලා පිට වෙන්නේ නෑ.

PCOS තියෙනවා නම් මේ ලක්ෂණ තියෙනවා.

🟣 ඔබේ කොන්ඩය තුනී වෙනවා.

🟣 නිකටෙත් රෝම වැඩෙන්න ගන්නවා.

🟣 ශරීරයේ අනවශ්‍ය රෝම වැඩෙනවා.

🟣 ප්‍රධානම දේ ඔසප් වීම අක්‍රමවත් වෙනවා.

🟣 මේ දේවල් වලට හේතු වෙන්නේත් ශරීරයේ තිබිය යුතු මට්ටමට වඩා ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය වැඩි වීමයි.


3. යකඩ ඌණතාවයකින් පෙළීම

🟣 කොන්ඩය ගැලවී යාම, රහස් ප්‍රදේශයේ රෝම ගැලවී යාම, සම මතු පිට රෝම ගැලවී යාම වගේ තත්වයක් තියෙනවා නම් නීරක්තිය වගේ තත්වයක් නිසා වෙන්නට ඉඩ තියනවා.

🟣 ඔබ මස් මාංශ කන්නේ නැති කාන්තාවක් නම් ලොකු අවධානමක් තියෙනවා.

🟣 ශරීරයට යකඩ ලැබෙනවා මදිකම නිසා මෙහෙම වෙන්න පුළුවන්.

🟣 ඔබ මස් මාංශ ආහාරයට ගන්නේ නැති, ඔසප් රුධිරය අධික ලෙස පිට වන කාන්තාවක් නම් ඔබ ඉන්නේ ලොකු අවධානමක.

🟣 ඔබගේ කොන්ඩය තුනී වෙලා ගැලවිලා යන්න පුළුවන්.

🟣 නියපොතු අඳුරු වෙලා ඉක්මනින් කැඩෙනසුළු වෙන්න පුළුවන්..

🟣 ඒ නිසා වෛද්‍යවරයෙක් හමු වී රුධිර පරීක්ෂාවකින් රුධිරයේ හිමොග්ලොබින් තත්වය දැන ගන්න.


4. තයිරොයිඩ් ග්‍රන්ථියේ ප්‍රශ්න

🟣 ඔබේ තයිරොයිඩ් ග්‍රන්ථිය කියන්නේ සමනළයෙක්ගේ හැඩය ගත්ත කුඩා ග්‍රන්ඨියක්.

🟣 ඒක පිහිටලා තියෙන්නේ බෙල්ල ඉදිරියෙන්මයි. මේ හෝමෝනය පාලනය කරනවා ඔබේ ශරීරය ශක්තිය භාවිතා කරන විදිය. තයිරොයිඩ් ග්‍රන්ථියේ බලපෑම මේ වගෙයි

🟣 තයිරොයිඩ් ග්‍රන්ථිය මඟින් නිපදවන හෝමෝනය (තයිරොක්සින්) ඔබේ ශරීරයේ නියමිත විදියට නැත්නම් ශරීරයේ සියලු ක්‍රියා මන්දගාමී වෙනවා. එතකොට කොන්ඩය හැලෙන එක වේගවත් වෙනවා වගේම ඉක්මනින් කොන්ඩය වැවෙන්නෙත් නෑ.

ඔබේ රෝම වල අඩු වීමට තයිරොක්සීන් හෝමෝනයේ සම්බන්ධයක් තියෙනවා නම් මේ ලක්ෂණ ඔබට බලා ගන්නට පුළුවන්.

🟣 ඔබේ නියපොතු වල ඉරි වගේ මතු වෙනවා.

🟣 ඒවා ප්‍රාණවත් පාටක් නෑ.

🟣 මේ බව හරියටම දැන ගන්න නම් තයිරොක්සින් පරීක්ෂාවක් කර ගන්න ඕනි.


5. මෑතකදී ඔබේ ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම වෙනස් වීම

🟣 ඔබේ ශරීරයේ නිපදනවන ඊස්ට්‍රජන් හෝමෝන මට්ටම ඔබේ ශරීරයේ රෝම,රහස් ප්‍රදේශයේ රෝම වලට බලපෑම් කරනවා.

🟣 හොඳ ඊස්ට්‍රජන් මට්ටමක් තිබුනොත්, ගණකමින් යුතු රෝම වැඩෙනවා.

🟣 කොන්ඩය වෙනදාට වඩා ගණකම් වෙනවා.

🟣 රහස් ප්‍රදේශයේ රෝම ගණකමින් වැඩි වෙනවා.

ඊස්ට්‍රජන් මට්ටම අඩු වුණොත්

🟣 හැබැයි මේ ඊස්ට්‍රජන් මට්ටම අඩු උනොත් කොන්ඩය තුනී වෙලා, ගණකමින් අඩු වෙලා යනවා.

🟣 ඊස්ට්‍රජන් හෝමෝනයේ එක පාරටම වෙනසක් වෙනවා නම් එක්කෝ ගර්භණී වීමක් වෙන්නට ඕනි. නැත්නම් උපත් පාලන පෙති ගැනීම නතර කරන්නට ඕන.


6. ඔබ ගන්නා ඖෂධ වලත් අතුරු ප්‍රතිපල

🟣 ඔබ ගන්නා සමහර ඖෂධ ඔබේ ශරීරයේ රෝම වැඩීමට බලපෑම් කරන්න පුළුවන්.

ඔබ විශාදයෙන් පෙළේ නම්;

🟣 ඔබ විශාදයෙන්, මානසික ආතතියෙන් පෙළෙන කෙනෙක් නම් ඔබට ප්‍රති පීඩක ඖෂධ ගන්නට සිදු වෙනවා.

🟣 ඒක හේතු වෙන්න පුළුවන් තාවකාලික කොන්ඩය යාමකට. ඒ වගේම රහස් ප්‍රදේශ වලත් රෝම අඩු වෙන්නත්.

🟣 දරු ප්‍රසූතියෙන් පසුව, බරපතල සැත්කමකට පසුව, අධික මානසික ආතතිය නිසාත් රෝම ගැලවී යන්නට පුළුවන්. රෝම වැවීම මේ නිසා වේගවත් වෙනවා

🟣 ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය, ඩැනසෝල්, ග්ලූකෝකෝටිකොයිඩ්ස් (ස්ටෙරොයිඩ් වර්ගයක්) අඩංගු ඖෂධ නිසා නම් රෝම වැවීම වේගවත් වෙනවා. විශේෂයෙන්ම ඔබේ රහස් ප්‍රදේශ වල රෝම ගණකම් වෙනවා.

🟣 ගොඩක් අවස්ථා වල මේ රෝම වැවීම, ගැලවීම සදාකාලික නෑ. ඔබ මේ ඖෂධ ගැනීම නවත්වපු ගමන්ම ආයෙම කලින් තිබුන තත්වයට පත් වෙනවා.


7. ස්වයං ප්‍රතිශක්තිකරණ ගැටලු

🟣 මේ වගේ හේතුවක් නම් ටිකක් කලාතුරකින් තමයි ඇති වෙන්නේ.

🟣 මේකෙදී වෙන්නේ ඔබේ හිසේ වට ප්‍රදේශයේ කෙස් ගස් ටික ගැලවිලා යනවා.

🟣 නැත්නම් සම්පූර්ණ කෙස් ටිකම හැලිලා යනවා.

🟣 තට්ටය පෑදෙනවා.

🟣 එහෙමත් නැත්නම් මුළු ශරීරයේම රෝම ගැලවිලා යනවා. කෙස්, අත්, කකුල් වල, රහස් ප්‍රදේශයේ රෝම, ඇහි බැමි, ඇහි පිහාටු වල රෝම වගේ සියල්ලම ගැලවිලා යනවා. 🟣 මේ වගේ ප්‍රශ්නයකට ස්ටෙරොයිඩ් වර්ගයේ ප්‍රතිකාර සිදු කරනවා.


8.ඉතාමත්ම කාලාතුරකින් ශරීරයේ ඇති විය හැකි ගෙඩි.

🟣 මාස 6ක් වැනි කාල සීමාවක් තුල සීඝ්‍ර ලෙස පිරිමි කෙනෙක්ගේ වගේ රෝම නිකටේ,බඩේ, පපුවේ, තන පුඩු අසල, මුහුණෙ වැවෙනවා නම් පොඩ්ඩක් මේ ගැන හොයලා බලන්න වෙනවා.

ගෙඩියක් තිබ්බොත් මොකද වෙන්නේ?

🟣 ඒ කියන්නේ ඉබේ ශරීරයේ පිරිමි හෝමෝන මට්ටම වැඩියි කියන එක.

🟣 එහෙම වෙන්න ඔබේ ශරීරයේ ගෙඩියක් වැනි දෙයක් තියෙන්නට ඉඩ තියෙන අතර ඒ ගෙඩියෙන් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිදහස් කරනවා වෙන්නට පුළුවන්.

🟣 මේ වගේ තත්වයන් නිතර වෙන දෙයක් නම් නෙමෙයි. නමුත් එවැන්නක් යැයි ඔබට සැක සිතුනොත් පමා නොවී වෛද්‍ය උපදෙස් ගන්න.   


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ

JOIN NOW