ප්‍රබලයෙක් සජබෙන් එළියට..
Sri Lanka Politician
Sri Lanka
Samagi Jana Balawegaya
Sri Lankan political crisis
By krishani
සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. එච්. එම්. ෆවුසි මහතාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට එම පක්ෂය තීරණය කර ඇත.
ඒ එම පක්ෂයේ තීරණ වලට එරෙහිව කටයුතු කිරීම හේතුවෙන් ය.
මේ සම්බන්ධයෙන් පෙරේදා (07) රැස් වූ සමගි ජන බලවේගයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය විසින් මෙම තීරණය ගෙන ඇත්තේ.
එම පක්ෂය සඳහන් කළේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය පහසුකම ලබාදීම පිළිබඳ යෝජනාවට පක්ෂව ඡන්දය පාවිච්චි කිරිම ඇතුළු කරුණු මුල්කර ගනිමින් මන්ත්‍රීවරයාට එරෙහිව පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බවයි.
කෙසේවෙතත්, මේ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කිරීමට පක්ෂයේ විනය මණ්ඩලයට පැවරීමට පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලය තීරණය කෙරිණ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |