පාර්ලිමේන්තු මන්ත්‍රීන් තිදෙනා සිටි සෙන්පති මැදුරේ ඇසුණු වෙඩි හඬ කුමක්ද? පතුරම් කොපුත් හමුවෙයි.

Sri Lanka Politician
By Wayomi Feb 06, 2023 07:49 AM GMT
Report

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රයෝජනය සඳහා ඇති නුවරඑළිය සෙන්පති මැදුරේ මන්ත්‍රීවරුන් තිදෙනකු සහ ඔවුන් සමග පැමිණි තිස් දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් සාදයක් පවත්වන අතරවාරයේ වෙඩි හඬ ඇසුණු බව සඳහන් කරමින් එහි භාරකරු පැමිණිල්ලක් කළ බව නුවරඑළිය මූලස්ථාන පොලිසිය පවසනවා.

එම සාදය පැවැත් පැවැත් වූ දිනට පසු දින මැදුර පිරිසුදු කිරීමේදී හමු වූ පතුරම් කොපු දෙකක් තිබී හමුවූ බව උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කර ඇති බවයි වාර්තා වන්නේ.

නුවරඑළියේ පිහිටි සෙන්පති මැදුරේ ඉකුත් 28 වැනිදා රාත්‍රී කාලයේ පොදුජන එක්සත් පෙරමුණේ මන්ත්‍රීවරුන් දෙදෙනකගේ සහ ජාතික නිදහස් පෙරමුණේ මන්ත්‍රීවරයකුගේ සහභාගිත්වයෙන් ඔවුන් සමඟ පැමිණි තිස් දෙනකුගෙන් පමණ සමන්විත පිරිසක් සාදයක් පවත්වා ඇතැයි පොලීසිය සඳහන් කරයි.

සාදය පැවැත්වෙන අතරවාරයේ වෙඩි හඬට සමාන හඬක් ඇසුණු බවත් පසු දින එනම් 29වැනිදා පරිශ්‍රය පිරිසුදු කිරීමේදී මෙම හිස් උණ්ඩ දෙක හමුවූ බවත් සෙන්පති මැදුරේභාරකරු කළ පැමිණිල්ලේ සඳහන් බවයි වාර්තා වන්නේ.

පාර්ලිමේන්තුවේ මහ ලේකම් ධම්මික දසනායක මහතා ද මේ සම්බන්ධයෙන් දැනුවත් කර ඇතැයි පොලිසිය කීය.

සෙන්පති මැදුර තුළ වෙඩි තැබීම සිදු කළේ කවුරුන්ද යන්න ගැන මෙතෙක් කිසිදු තොරතුරක් හෙළිවී නොමැති බව එම උසස් පොලිස් නිලධාරියා පවසා තිබෙනවා.

මෙම වෙඩි තැබීමෙන් කිසිදු අයකුට තුවාලයක් හෝ දේපල හානියක් සිදු වී නොමැති බව පොලිසිය කළ පරීක්ෂණ වලින් පරීක්ෂණවලින් පෙනී ගොස් ඇත.

නුවරඑළිය මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

- ලංකාදීප -


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW