යාපනයේ සරුවට වැවෙන කච්චාන් හරියටම වගා කරන්නේ මෙහෙමයි.

Ministry of Agriculture
By Wayomi Aug 19, 2022 10:41 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

ශ්‍රී ලංකාව තුළ රටකජු ප්‍රධාන වශයෙන් බැද හෝ රසකැවිලි ආශ්‍රිත නිෂ්පාදනයක් ලෙස හෝ තම්බා ආහාරයට ගන්නා අතර, රට කජු වැඩි මේද (48%) හා ප්‍රෝටීන් (26%) ප්‍රමාණයක් අඩංගු නිසා ශක්තිය දෙන ආහාර අතර ප්‍රධාන තැනක් ගන්නවා ගොඩක්ම ලංකාවේ වියළි කලාප වල වැවෙන බෝග වර්ගයක්. යාපනය පැත්තේ නම් ජනප්‍රියම වගාවක්.

එම ප්‍රදේශයේ කච්චාන් නමින් හඳුන්වන රටකජු වියළි හා අතරමැදි කලාපවල මහ කන්නයේ දී උස්බිම්වල අහස් දියෙනුත්, යල කන්නයේ දී කුඹුරුවල ජල සම්පාදනය යටතේත් වගා කිරීම සිදු කරනු ලබනවා. ශ්‍රී ලංකාවේ වාර්ෂිකව හෙක්ටයාර් 20,000 ක පමණ වගා කරන අතර, විශේෂයෙන් මොනරාගල, කුරුණෑගල, රත්නපුරය, බදුල්ල, අම්පාර, පුත්තලම හා වව්නියාව වැනි ප්‍රදේශවල බහුලව වගා කෙරෙනවා.

කාලෙකට කලින් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් රටකජු පර්යේෂණය ආරම්භ කළා. ඒ ප්‍රාදේශිය කෘෂිකර්ම පර්යේෂණායතනයක් වශයෙන් හඳුන්වනු ලැබු අඟුණුකොළපැලැස්සේ පිහිටි ආයතනය මඟිනි. අද වන විට මෙම පර්යේෂණ මඟින් රටකජු ප්‍රභේද 6ක් බිහිකරලා තියෙනවා. ඒවා වලවේ, තිස්ස , ඉන්දි, ටිකිරි, ඒ.එන්.කේ.ජී 1 සහ ලංකා ජම්බෝ ලෙස නම් කර තිබෙනවා.

රටකජු වගාව සිදු කරන ආකාරය

🥜සෑම දේශගුණයකටම ඔරොත්තු නොදෙන රටකජු භෝගය වගා කිරීම සඳහා වඩාත් හිතකර දේශගුණික තත්ත්වයක් තිබිය යුතුයි.

🥜 ඒ අනූව සාමාන්‍යයෙන් රටකජු බීජ ප්‍රරෝහණය වීම සඳහා සෙල්සියස් අංශක 30 ක පමණ උෂ්ණත්වයක් අවශ්‍යයයි.

🥜 එමෙන්ම මෙම භෝගය යල සහ මහ යන කන්න දෙකෙහිම වගා කළ හැකියි.

🥜 වගාව සඳහා වඩාත් යෝග්‍ය වන්නේ, මනා ජල වහනයක් සහිත සැහැල්ලු හා මධ්‍යස්ථ, හියුමස්, මැග්නීසියම් හා කැල්සියම-චර්නොසෙම් හෝ වැලි ලෝම පස වඩාත් සුදුසුයි.

🥜 පසේ තිබිය යුතු පී.එච්. අගය 6.5සිට 7.0 පමණ වීම සුදුසුය.

🥜 තෝරා ගෙන ඇති භූමියේ වල් තණකොළ සහ ගල් ඉවත් කර බිම යම් තරමක් සමතලා කළ යුතුයි.

🥜 එවිට රටකජු පේළිවලින් සිටුවිය හැකි අතර ඒවා සෙන්ටිමීටර් 20-30 අතර දුරින්, සෙන්ටිමිටර් 10 ක් ගැඹුරැති කුහරවල සිදු කළ යුතුයි.

🥜 සිටුවීම ආකාර තුනකට කළ හැකියි. එනම්, බිම් පෙරළා කැට පොඩි කර ගත් ඉඩමේ පාත්ති සකස් නොකර, ඇලි සහිත පළල් උස් පාත්තිවල හා ඇලි සහ වැටි ක්‍රමයට.

🥜 බීජ පැළ අවධියේ වැලඳිය හැකි දිලීර රෝගවලින් ආරක්ෂා කර ගැනීම බීජ කිලෝ ග්‍රෑමයට තිරාම් ග්‍රෑම් 2 ක් හෝ තයෝපනේට් මීතයිල් 50% සමඟ තිරාම් 30% ක් ඩබ්.පි ග්‍රෑම් 2 ක් මිශ්‍ර කර බීජ සිටුවිය හැකියි.

🥜 පොහොර යෙදීමේ දී, මූලිකව හා මල් පිපෙන කාලයේ දී පොහොර යෙදීම සිදු කළ යුතු අතර කාබනික පොහොර භාවිත කිරීම යෝග්‍යයයි. 🥜 සිටුවා සති 4–6ක් පමණ ගත වූ පසුව පැළ අසලට පස් යෙදිය යුතුයි.

🥜 එමඟින් මල්වලින් ඇති වන කරල් හටගන්නා කොටස (ඡායාංගධරය) පස තුළට ඇතුළු වීම පහසු කරයි.

🥜 මුල් සති 3 තුළ දී දින 4 කට වරක් ද ඊට පසු සතියකට වරක් ද ජල සම්පාදනය කළ යුතුයි.

🥜 ඡායාංගධර වැඩෙන අවධියේ පස තෙත්ව තිබීම ඡායාංගධර පස තුළට වැඩීම පහසු කරයි.

🥜 බීජ මෝරන අවස්ථාවේ දී ජල සම්පාදනය නොකළ යුතුය.

🥜 වල් පැළෑටි, රෝග හා පළිබෝධ පාලනය සිදු කිරීම බීජ සිටුවා සති 3 දී හා 6 දී වගාවේ වල් පැළෑටි පාලනය කළ යුතුය.

🥜 සති 6 න් පසු රටකජු පැළ මඟින් භූමිය ආවරණ කර ගන්නා නිසා ස්ථානීය වල් මර්දනය ප්‍රමාණවත්.

🥜 බීජ සිටුවූ වහාම පූර්ව නිර්ගමන වල් නාශකයක් වන ඇලක්ලෝර් ග්‍රෑම් 480/ ලීටරයට ඊ.සී හෙක්ට. ලීටර 5 ක් වන සේ යෙදීමෙන් සති 3–4 දක්වා කාල සීමාවක් වල් පැළෑටිවලින් තොරව වගාව පවත්වා ගත හැකිය.

🥜 මෙම වල් පැළෑටිවල කාර්යක්ෂමතාවය වැඩි කිරීමට වගා බිමේ වල් නාශක යෙදූ පසු පසේ ප්‍රමාණවත් තෙතමනයක් රඳවා ගැනීම අවශ්‍යය.

🥜 පූර්ව පත්‍ර පුල්ලි රෝගයේ දී පත්‍ර තලයේ උඩ පැත්තට වන්නට තද පැහැයෙන් යුත් දුඹුරු පුල්ලි ඇති වේ. පශ්චිම පත්‍ර පුල්ලි රෝගයේ දී පත්‍ර තලයේ යට පැත්තට වන්නට තද පැහැයෙන් යුත් කළු පුල්ලි ඇති වෙයි. බීජාණු පත්‍ර තලය යටි පැත්තේ ද ඇති වෙනවා.

🥜 මෙම රෝගවලින් පාලනය වීම සඳහා ආසාදනය අධික අවස්ථාවේදී භෝග මාරුව සිදු කළ යුතුයි.

🥜 ඊට අමතරව බිටර්නෝල්, ඩැකොනිල්, ක්ලෝරොතැලොනිල් වැනි දිලීර නාශක භාවිත කිරීම යෝග්‍යයයි.

🥜 තවද කඳ පෘෂ්ඨය දුඹුරු දුර්වර්ණයෙන් දැකිය හැකි අවස්ථාව කඳ පාදස්ථයේ කුණු වීම ලෙස හඳුන්වනු ලබනවා. මෙය දිලීර රෝගි තත්ත්වයකි.   


අස්වනු නෙළීම

 🥜ශාකයක හටගෙන ඇති කරල් වලින් 75%-80% පමණ මෝරා ඇති අවස්ථාවේ අස්වනු නෙළීය යුතුයි.

🥜 මේ සඳහා වගාවේ විවිධ ස්ථානවලින් පඳුරු කීපයක් ගලවා කරලේ පොත්තේ ඇතුළු පැත්ත පරීක්ෂා කර බැලිය යුතුයි.

🥜 ශාකයේ පත්‍රවල පැහැය කහ වර්ණයට හැරීම මඟින් සහ කරලේ පොත්තේ ඇතුළු පැත්ත දුඹුරු පැහැය වී ඇති විට භෝගය අස්වනු නෙළීමට සුදුසුයි.

🥜 නෙළා ගත් කරල් හොඳින් පිරිසුදු කර දින කීපයක් එක දිගටම වියළා ගත යුතුයි.

🥜 තද අව්වේ වියළා ගැනීමෙන් බීජවල පැළවීමේ ශක්තිය අඩු වන බැවින් බීජ රටකජු පවනේ මඳ අව්වේ වියළා ගැනීම යෝග්‍යයයි.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW