බාලවයස්කාර දරුවෙකු ඇළකට විසිකළ බීමත් ග්‍රාම නිලධාරියා

Sri Lanka Police Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Aug 18, 2022 07:58 AM GMT
Report

පොල්ගහවෙල ප්‍රදේශයේ වයස අවුරුදු 8ක ළමයෙකුට තුවාල සිදු කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිලධාරීවරයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ, අලියෙකු නාවන දෙස බලා සිටි මෙම දරුවා අදාළ ග්‍රාම නිලධාරීවරයා විසින් ඔසවා අලියා නාවමින් සිටි ඇළට විසිකර ඇති බවයි. එම අවස්ථාවේ 54 හැවිරිදි අදාළ ග්‍රාම නිලධාරීවරයා මත්පැන් පානය කර සිට ඇති බවටයි විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ.

සිද්ධියෙන් දරුවාගේ අස්ථියක් බිඳී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළා.

.........................................................................

YOU MAY LIKE THIS VIDEO -:

විදුලි බිල සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක්

 

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW