රාජ්‍ය සේවක වැටුප් ගෙවීම ගැන අලුත්ම තීරණයක් - ඇමතිගෙන් ප්‍රකාශයක්..!
ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කලේ, මාර්තු සහ අප්‍රේල් මාසවල රාජ්‍ය සේවක වැටුප්, විශ්‍රාම වැටුප් සහ දීමනා ගෙවීම සඳහා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් ලැබුණු මුදල්වලින් කොටසක් ලබාගැනීමට සිදුව ඇති බවයි.
එනම්, අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ එම ගෙවීම් සඳහා රජයේ ආදායම ප්‍රමාණවත් නොවන බවය. ගාල්ල දිස්ත්‍රික්කය සදහා බස් රථ බෙදාදීමේ වැඩසටහනකට එක්වෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මෙම අදහස් පළ කළ අතර වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා,
"රාජ්‍ය මූලයේ තියෙන විශාලම අර්බුදය තමයි අපිට එදිනෙදා පවත්වාගෙන යාමේ වියදම් පියවාගන්න ප්‍රමාණවත් ආදායමක් නැහැ. උදාහරණයක් වශයෙන් මාර්තු මාසයට රාජ්‍ය සේවකයින්ගේ වැටුප් විශ්‍රාම වැටුප් සමෘද්ධි දීමනා හා වෙනත් එදිනෙදා පවත්වා ගෙන යාමේ වියදම්වලට ඇස්තමේන්තු කරලා තියෙනවා බිලියන 196ක්. බලාපොරොත්තු වෙන සියලුම ආදායම තියෙන්නේ බිලියන 173යි.
එතකොට බිලියන 23ක් මාර්තු මාසයට පවත්වාගෙන යන්න මදි. ඒ අතර අර ගෙවිය යුතු බහු පාර්ශක ණය ගෙවන්න අවශ්‍යයි බිලියන 500කට වඩා වැඩි මුදලක්. ඉතින් මේ මාර්තු මාසයට 500 ගණනක් විතර අඩුයි මාස දෙකක වැටුප් ගෙවන්න සිදුවෙනවා අවුරුද්ද නිසා. ඒ කියන්නේ මාර්තු මාසයේ වැටුපයි, අප්‍රේල් මාසයේ වැටුපයි. මේ වැටුප් දෙක ගෙවාගැනීම සඳහා මේ ලැබුණ පළවෙනි වාරික මුදලින් කොටස් භාණ්ඩාගාරය පාවිව්චි කරන බව තමයි සඳහන් කරේ."
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |