රාජකාරි ස්ථානයට පැමිණ, ෆේස්බුක් වට්ස්ඇප් යන සේවකයින්ට රතු එළි..! රාජ්‍ය සේවකයින් ගැන තීරණයක්..?

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Jan 02, 2023 10:26 AM GMT
Report

2023 වන වසරේ රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ රාජකාරි ආරම්භ කරමින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම් නීල් බණ්ඩාර හපුහින්න මහතා රාජ්‍ය සේවකයින්ට අනතුරු ඇඟවීමක් සිදුකළා.

එනම්, කාර්යාල වේලාවන්වලදී රාජ්‍ය සේවකයින් විසින් ජංගම දුරකථන භාවිත කිරීමේදී සැලකිමත්විය යුතු බව ලේකම්වරයා සඳහන් කළා .

වැඩිදුරටත් අදහස් දැක්වූ එතුමා...

"විශේෂයෙන්ම තමුන්ගේ දුරකථනය වෙන්නට පුළුවන් නමුත් උදේ පටන් ගත්තාම ඒකේ ෆේස්බුක්, වට්ස්ඇප් මැසේජ් බල බල ඉන්න එපා. ඒකේ යම් දෙයක් කළාට කමක් නැහැ. නමුත් මුළු දවසම දුරකථනයත් එකක් සම්බන්ධවෙලා ඉන්න එපා. මොකද මම දැකලා තියෙනවා මම ගිය ගොඩක් ඒවයේ අර ආපූ මිනිස්සු දිහා බල බල කරන පළවෙනි වැඩේ තමයි දුරකථන ඇමතුම් ගන්න එක නැතිනම් ෆේස්බුක් යන එක.

ඒ හින්දා මම දන්නවා පුද්ගලියක අංශයේ අද වෙනකොට එනකොට ජංගම දුරකථනය ලොකර් එකේ දාලා එන්නේ. යනකොට තමයි දුරකථනය දෙන්නේ. ඒ මට්ටමට මේක අරගෙන යන්නේ නැතිව අවශ්‍ය වුණොත් ඒ පියවර ගන්න බැරිකමකුත් නැහැ. ඒ නිසා මම කියන්නේ මෙහෙට විතරක් නෙමෙයි මුළු රජයේ සේවයට. ඒ කියන්නේ ඒක අධික්ෂණය කළයුතු වෙනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now