රාජ්‍ය සේවකයන්ට විශේෂ මුදලක් - විශේෂ චක්‍රලේඛයක් නිකුත් කෙරේ..!

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Dec 30, 2022 03:56 PM GMT
Report

රාජ්‍ය සේවකයන් සම්බන්ධයෙන් විශේෂ චක්‍රලේඛයක් නිකුත් කර තිබේ .එනම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය විසින් රාජ්‍ය නිලධරයන්ට විශේෂ අත්තිකාරමක් ගෙවීම සම්බන්ධයෙන් මෙම චක්‍රලේඛ නිකුත් කර තිබේ.

ඒ අනුව රාජ්‍ය නිලධාරීන් සඳහා 2023 වර්ෂයට රුපියල් 4,000ක උපරිමයකට යටත්ව මෙම විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කර තිබේ.

සියලුම අමාත්‍යංශ, පළාත් පාලන ආයතන සහ දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය විසින් එම දැනුම්දීම සිදුකර තිබේ.

මෙම අත්තිකාරම් ගෙවීම 2023.01.01 දින ආරම්භ විය යුතු අතර 2023.02.28 දිනෙන් අවසන් කළ යුතුය. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now