රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සම්බන්ධයෙන් දැනුම්දීමක්

Government Employee Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Aug 14, 2022 01:34 PM GMT
Report

අත්‍යවශ්‍ය නොවන රාජ්‍ය සේවකයින් කාර්යාල වෙත කැඳවීම සීමා කිරීමට අදාළ චක්‍රලේඛය මේ මස 24 වන දින දක්වා වලංගු බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

එම අමාත්‍යාංශය සඳහන් කළේ, ප්‍රවාහන ගැටලු හේතුවෙන් පසුගිය ජුලි මස 24 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි මාසයක කාලයක් සඳහා අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති බවය. ඒ අනුව මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉටුකළ නොහැකි රාජකාරී සඳහා සහ අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්යය මණ්ඩලය පමණක් කාර්යාල වෙත කැඳවීම සිදුකෙරේ. 

 කෙසේවෙතත් අවශ්‍යතාව මත ආයතන ප්‍රධානියාට කාර්යාල වෙත කැඳවන සේවකයින් පිළිබඳව අවසන් තීරණයක් ගැනීමේ හැකියාව පවතින බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

රට තුළ පැවති ඉන්ධන හිඟය මේ වන විට බොහෝ දුරට පහව ගොස් ඇති බැවින් රාජ්‍ය ආයතනවල කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය නිලධාරීන් ආයතන වෙත කැඳවීමට ද ආයතන ප්‍රධානීන්ට අවශ්‍ය උපදෙස් ලබා දී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now