රාජ්‍ය සේවකයන් රාජකාරියට පැමිණීම තවදුරටත් සීමා කරමින් විශේෂ චක්‍රලේඛනයක් නිකුත් කෙරේ..!
පවතින තත්ත්වය සැලකිල්ලට ගනිමින් රජයේ කාර්යාල වෙත නිලධාරීන් කැඳවීම සීමා කිරීමේ නියෝගය තවත් මාසයක් සඳහා ක්‍රියාත්මක වන බව රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.
අමාත්‍යංශ ලේකම් එම්. එම්. පී. කේ. මායාදුන්නේ නිවේදනය කළේ සේවයට වාර්තා කිරිමේදී රජයේ නිලධාරීන් විසින් මුහුණ දෙනු ලබන අපහසුතා සැලකිල්ලට ගෙන ඒ සඳහා සහන සැලසීමට නිකුත් කරනු ලබන චක්‍රලේඛ වැරදි ලෙස උපයෝගී කර ගනිමින් සේවයට වාර්තා කළ හැකි නිලධාරීන් ද සේවයට වාර්තා නොකරන තත්ත්වයක් උද්ගත නොවීමට වග බලා ගත යුතු බවයි.
රට තුල පවතින ඉන්ධන හිගය මගහැරවීම සඳහා ඉන්ධන බෙදීම යථාවත් කෙරෙමින් පවතින අතර ඒ අනුව ඉදිරි දිනවලදී පොදු ප්‍රවාහන සේවාවවන් ක්‍රමක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වනු ඇති.
එම කරුණු සැලකිල්ලට ගෙන මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉටු කළ නොහැකි රාජකාරී සඳහා හා අත්‍යවශ්‍ය මහජන සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය කාර්ය මණ්ඩලය කැඳවීමට මෙම චක්‍රලේඛ විධි විධාන බාධාවක් නොවන බව ද අමාත්‍යංශ ලේකම්වරයා දැනුම් දෙනවා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |
