මාර්තු 13,14 සහ 15 දින 03න රාජ්‍ය සේවයට නව බඳවා ගැනීමක්..විශේෂ දැනුම්දීමක්.

Sri Lanka Politician Government Employee Government Of Sri Lanka Ashoka Priyantha
By Aruna Feb 29, 2024 04:29 AM GMT
Report

නව ග්‍රාම නිලධාරීවරුන් බඳවා ගැනීමේ සම්මුඛ පරික්ෂණ ලබන මාර්තු 13 වන දින සිට ආරම්භ කරන බව ස්වදේශ කටයුතු රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා පවසනවා.

සම්මුඛ පරික්ෂණ කටයුතු 13,14 සහ 15 යන තෙදින තුළ පැවැත්වෙන බවයි, රාජ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ.

පසුගිය දෙසැම්බර් මාසයේ පැවති ග්‍රාම නිලධාරී විභාගයෙන් සමත් 4,232කු සම්මුඛ පරීක්ෂණය සඳහා සහභාගී වීමට නියමිතව ඇත.

රාජ්‍ය අමාත්‍ය අශෝක ප්‍රියන්ත මහතා වැඩිදුරටත් සඳහන් කළේ, සම්මුඛ පරික්ෂණවලින් අනතුරුව ඉතා කඩිනමින් පවතින පුරප්පාඩු පිරවීමට කටයුතු කරන බවයි.