අද සිට සියලු රාජ්‍ය සේවකයින්ට මේදේ අනිවාර්යය කරයි..

Ravi Karunanayake Government Employee Sri Lanka Government Of Sri Lanka
By Aruna May 15, 2023 04:05 AM GMT
Report

අද(15) සිට රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේ දී සහ පිටවීමේ දී ඇඟිලි සලකුණ සටහන් කිරීම අනිවාර්ය කර තිබෙනවා.

ඒ, සම්බන්ධයෙන් වන චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් පාලන සහ සභා අමාත්‍යාංශය විසින් සියලුම ආයතන ප්‍රධානීන් වෙත යොමුකර ඇති බවයි වාර්තා වන්නේ.

කොවිඩ් වසංගතය ඇතුළු විවිධ දුෂ්කරතා හේතුවෙන් රාජ්‍ය සේවකයින් සේවයට වාර්තා කිරීමේ චක්‍රලේඛ කිහිපයක් නිකුත් කරමින් සහන ලබාදී තිබුණා.

එම සහන ලබාදීමට නිකුත් කළ චක්‍රලේඛ අහෝසි කරමින් මෙම නව චක්‍රලේඛ නිකුත්කිරීමටයි ඒ අනුව අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතුකර ඇත්තේ.

මේ අතර ලක්ෂ 17ක් වන රාජ්‍ය සේවකයින් නඩත්තු කිරීම සඳහා වසරකට රුපියල් ට්‍රිලියන 1.4 ක මුදලක් වැය කිරීමට සිදුවන බවයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා පවසන්නේ.

එලෙස වැය කෙරෙන මුදලට සාපේක්ෂව ඔවුන්ගෙන් රටට සහ ජනතාවට සැබෑ ප්‍රතිලාභයක් හිමිවනවා ද යන්න පිළිබඳව සිතිය යුතු බවයි ඔහු වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now