රාජ්‍ය ආයතන 430කට හදිසියේ ගත් තීරණය...සිපෙට්කෝ, ගුවන් විදුලිය, රූපවාහිනිය, සතොස ඒ අතර...ලයිස්තුව මෙන්න.

Sri Lanka Government Of Sri Lanka Ceylon Electricity Board Lanka Sathosa Water Board
By Aruna May 14, 2023 07:43 AM GMT
Report

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග වන එකගතා අනුව ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මුදල් අමාත්‍යාංශය විසින් ආයතන 430ක් හඳුනාගෙන ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.

ඉන් සමහර ආයතන විකුණා දමනු ඇති අතර, තව ප‍්‍රමාණයක් වසා දැමීම, ඒකාබද්ධ කිරීම හෝ ප්‍රතිව්‍යුහගත කරනු ඇති බවයි සඳහන් වන්නේ.

භාණ්ඩාගාර ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් වාර්තාවක් උපුටා දක්වමින් කියා සිටියේ, මෙම ක්‍රියාවලිය මාස දෙකකින් පමණ ආරම්භ වී වසර අවසන් වන විට අවසන් කිරීමට නියමිත බවයි.

ආයතන 430 අතර සංස්ථා 39ක්, සමාගම් 218ක්, ව්‍යවස්ථාපිත මණ්ඩල 173ක් ඇතුළු වන අතර සමාගම්වලට ප්‍රාදේශීය වැවිලි සමාගම් 21ක් ද ඇතුළත්.

මෙම ආයතන ද ඒ අතර වෙයි.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව

ලංකා විදුලිබල මණ්ඩලය

ශ්‍රී ලංකන් එයාර්ලයින්ස්

සිලෝන් ෂිපින්කෝ පරේෂන් ලිමිටඩ්

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය

ජාතික නිවාස සංවර්ධන අධිකාරිය

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව

හෝටල් සංවර්ධක ලංකා පීඑල්සී

ලංකා සතොස ලිමිටඩ්

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව

මයික්‍රෝ (පුද්ගලික) සමාගම

රාජ්‍ය මුද්‍රණ සංස්ථාව

කුඩා තේ වතු සංවර්ධන අධිකාරිය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව

ජාතික පශු සම්පත් සංවර්ධන අධිකාරිය

යන ආයතනයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now