සියලු රාජ්‍ය නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂ චක්‍ර ලේඛණයක් නිකුත් කරයි...වහාම මේදේ තහනම්..

Government Employee Sri Lanka
By Aruna Feb 23, 2023 03:00 AM GMT
Report

රාජකාරී විදේශ සංචාර සඳහා ගුවන් ටිකට්පත් මිලදී ගැනීමට රජයේ අරමුදල් භාවිත කරන අවස්ථාවේදී සියලුම රාජ්‍ය නිලධාරීන් පිරිමැසුම් පංතියේ හෙවත් ඉකොනොමි ක්ලාස් ගුවන් ටිකට්පත් පමණක් මිලදීගත යුතු බවට රජය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියමය පරිදි එම චක්‍රලේඛය නිකුත් කර ඇත්තේ ජනාධිපති ලේකම් සමන් ඒකනායක විසින්.

කෙසේවෙතත් අගවිනිසුරු, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, අභියාචනාධිකරණ සභාපති සහ අභියාචනාධිකරණ විනිසුරුවරුන්ට එම නීතිය අදාළ වන්නේ නැහැ.

සෙසු නිලධාරියෙකුට ව්‍යාපාරික පන්තියේ ගමන් කිරීමට අවශ්‍ය වන්නේ නම් පිරිමැසුම් පංතියේ ගුවන්ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල සහ ව්‍යාපාරික පංතියේ ගුවන් ටිකට්පතක් මිලදී ගැනීමට යන මුදල අතර වූ වෙනස සිය පෞද්ගලික මුදලින් වැයකර ගමන් කළ හැකි බවයි එම චක්‍රලේඛයේ දැක්වෙන්නේ.

එමෙන්ම යම් නිලධාරියෙකුට එම විධිවිධානවලට පරිභාහිරව සුවිශේෂී හේතුවක් මත රජයේ අරමුදල් භාවිත කර ව්‍යාපාරික පංතියේ ගමන් කිරීමට අවශ්‍ය නම් ඒ පිළිබඳ ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් කර අග්‍රාමාත්‍ය ලේකම්වරයාගේ අනුමැතිය ලබාගත යුතුයි.

එම චක්‍රලේඛයේ සඳහන් විධිවිධාන මාර්තු පළමුවනදා සිට බලාත්මක වන බවද අග්‍රාමාත්‍ය ලේකම්වරයා නිකුත් කළ චක්‍රලේඛයේ වැඩිදුරටත් සඳහන්.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now