රාජ්‍ය සේවකයන්ට වැටුප් ගෙවීමට ගොවියන් පිහිට වෙයි..ප්‍රථම වතාවට සිදුවූ දේ..
Mahinda Amaraweera
Government Employee
Sri Lanka
By Aruna
පසුගිය දෙසැම්බර් මාසයේ රාජ්‍ය සේවකයන් සඳහා වැටුප් ගෙවීමට පොහොර අලෙවියෙන් ඉපයූ ආදායමෙන් කොටසක්ද ලබා ගෙන තිබෙනවා.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ, පසුගිය යල සහ මෙවර මහ කන්නයේ ගොවීන්ට පොහොර අලෙවි කිරීමෙන් රුපියල් බිලියන 9යි දශම 2ක ආදායමක් ඉපයූ බවයි.
කොමෂර්ල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගම එම පොහොර අලෙවි කර තිබෙනවා.
පොහොර අලෙවි කිරීමෙන් ලද ආදායම ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ගිණුමට බැර කර තිබූ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය පැවසුවේ.
ඒ අනුව එම මුදල් මහා භාණ්ඩාගාරය වෙත ලබා දී තිබුණා.
පසුගිය යල කන්නයේ පමණක් ගොවීන්ට පොහොර අලෙවි කිරීමෙන් ලද ආදායම බිලියන 3කට ආසන්න වනවා.
කිලෝග්රෑම් 50 ක යූරියා පොහොර මිටියක් රුපියල් දස දහසක සහන මිලක් යටතේ ගොවීන්ට අලෙවි කළ බවයි කෘෂිකර්ම අමාත්‍යංශය වැඩිදුරටත් පැවසුවේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |