රාජ්‍ය නිලධාරීන්ට විශේෂ නිවාඩුවක් හිමි වෙයි..3,000ක දීමනාවක් ලබා දීමටත් තීරණය කරයි..

A D Susil Premajayantha Government Employee Government Of Sri Lanka Department of Pensions
By Aruna Jul 25, 2024 02:05 AM GMT
Report

පසුගිය මැයි සහ ජුනි මාසවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුකොට ගෙන සේවයට නොපැමිණි රාජ්‍ය සේවකයින් සඳහා විශේෂ නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.

කොළඹ, කළුතර, ගම්පහ, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, පොළොන්නරුව, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවල රාජ්‍ය නිලධාරීන් සඳහා මෙම විශේෂ නිවාඩුව ලබා දීමට නියමිත බවයි පැවසෙන්නේ.

හෙට මධ්‍යම රාත්‍රියේ මුළු රටම බලාසිටි දෙයක් සිදු වෙයි..සූදානමින් ඉන්න..

හෙට මධ්‍යම රාත්‍රියේ මුළු රටම බලාසිටි දෙයක් සිදු වෙයි..සූදානමින් ඉන්න..


එම දිස්ත්‍රික්කවල ජල ගැලීම්, ගංවතුර, නායයෑම් හා මාර්ග අවහිරතා හේතුවෙන් සිය පදිංචි ස්ථානයේ සිට සේවා ස්ථානය වෙත පොදු ප්‍රවාහන සේවා ඇණහිටීම නිසා සේවයට වාර්තා කිරීමට නොහැකි වු නිලධාරීන්ට සහ අදාළ ව්‍යවසනයන්ගෙන් විපතට පත්වීම හේතුවෙන් හෝ අවතැන් වීම හේතුවෙන් සේවයට වාර්තා කිරීමට නොහැකි වු නිලධාරීන්ට මෙම විශේෂ නිවාඩුව හිමිවනු ඇති බවයි පැවසෙන්නේ.

ඊට අදාළ චක්‍රලේඛය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශ ලේකම් ප්‍රදීප් යසරත්න මහතා විසින් නිකුත් කර ඇත.

මේ අතර රාජ්‍ය සේවයේ විශ්‍රාමිකයින් සඳහා ලබන සැප්තැම්බර් මාසයේ සිට රුපියල් 3,000ක දීමනාවක් ලබා දීමට රජය තීරණය කර තිබෙන බව වාර්තා වනවා.

කේක් එකත් එක්ක නිරුවත් ඡායාරූපයක් කාන්තාවකට යවයි..ඇය කරපු දේ මෙන්න.

කේක් එකත් එක්ක නිරුවත් ඡායාරූපයක් කාන්තාවකට යවයි..ඇය කරපු දේ මෙන්න.


අදාළ යෝජනාවට ඊයේ (24) දිනයේ රැස්වු කැබිනටි මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා සඳහන් කළේ, විශ්‍රාමික රාජ්‍ය සේවකයින් සඳහා පවතින වැටුප් විශමතාව විසඳන තෙක් මෙම දීමනාව ලබාදීමට නියමිත බවයි.

Sri Lanka Parliamentary Election 2024

  • NPP 6863186 | 159 Seats
    Jathika Jana Balawegaya
    61.56%
  • SJB 1968716 | 40 Seats
    Samagi Jana Balawegaya
    17.66%
  • NDF 500835 | 5 Seats
    New Democratic Front
    4.49%
  • SLPP 350429 | 3 Seats
    Sri Lanka Podujana Peramuna
    3.14%
  • OTHERS 1464840 | 18 Seats
    All Other Parties
    13.14%