ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට අනිවාර්ය කිරීමක්..!

Parliament of Sri Lanka Sri Lanka
By Sewvandhi May 21, 2023 01:50 PM GMT
Report

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන සියලු මන්ත්‍රීවරුන්ට ලබන 24 වන දින පාර්ලිමේන්තු සැසිවාරයට අනිවාර්යයෙන්ම සහභාගි වන ලෙස ලිඛිතව දැනුම් දී තිබේ.

එනම්, පාර්ලිමේන්තු සභා වාරයට අනිවාර්යය‍ෙන් සහභාගී වීම ඳෙහා ඉරි තුනේ නිවේදනය නිකුත් කරන අතර, එම නිවේදනයට අනුව පාර්ලිමේන්තු සැසිවාරයට සහභාගී නොවුන හොත් ඊට මන්ත්‍රීවරුන් විසින් නිදහසට කරුණු දැක්වීම සිදුකළ යුතු බවයි වාර්තා වන්නේ.

 අයවැය ඡන්ද විමසීම ඇතුළු විශේෂ පනත් සම්මත කරන අවස්ථාවලදී ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා විසින් මෙවැනි ඉරිතුනේ නිවේදන නිකුත් කිරීම සිදුවන බව වාර්තා වේ. මෙම නිවේදනය නිකුත් කළ විට මන්ත්‍රීවරුන්ට විදෙස් සංචාර සඳහා ද තහනමක් පැන වේ.

මැයි මස 24 වන දින මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා ධුරයෙන් ඉවත් කිරීමේ යෝජනාව විවාදයට ගැනීමට නියමිත අතර එදින පස්වරුවේ ඊට අදාළ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය.

මෙම විවාදය සම ඡන්ද විමසීම ඉතා වැදගත් බැවින් ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන්ට එදිනට සහභාගි වීම අනිවාර්ය කර ඇති බව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පෙන්වාදෙයි.

මේ අතර අදාළ යෝජනාවට සහ ලබානොදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇති බව එම පක්ෂයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now