රාජ්‍ය ආයතන 40ක් වසා දැමේ - මුදල් රාජ්‍යය ඇමති

Shehan Semasinghe Government Employee Sri Lanka IMF Sri Lanka Sri Lanka Government
By Sewvandhi Mar 17, 2023 02:55 PM GMT
Report

ලබන 20 වනදා ශ්‍රී ලංකාව විසින් ලබාගැනීමට අපේක්ෂිත විස්තීර්ණ ණය පහසුකම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩල හමුවක් පැවැත්වෙයි. එහිදී ගන්නා තීරණ දැනුම්දීම සඳහා ලබන 21 වනදා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ද පැවැත්වීමට නියමිතව ඇත.

ඒ සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා දූත මණ්ඩල ප්‍රධානියාද එක්වන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසා තිබේ.

මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා ප්‍රකාශ කළේ, මෙම විස්තීරණ ණය පහසුකම අනුමතවීමෙන් පසු මේ වසරේ සිව්වන කාර්තුවේදී මෙරට ආර්ථිකය ස්ථාවරත්යට පත්වන බවය.

විස්තීරණ ණය පහසුකම් ලැබීමෙන් පසු රජයේ ආර්ථික සැලසුම් මොනවාදැයි රුපවාහිනී නාලිකා වැඩසටනක දී, මුදල් රාජ්‍ය අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කෙරුණි. එහිදී ඔහු සඳහන් කළේ,

"අපි විශාල කැපකිරීමක් කළා. 20 වනදා අනුමැතිය ලැබෙයි. පළවෙනි වාරිකය ලෙස මාර්තු මාසය තුළම ඩොලර් මිලියන 330කට ආසන්න මුදල් ප්‍රමාණයක් ලැබෙනවා."

"රජය ප්‍රතිපත්තිය ලෙස පිළිගන්නවා.. රජය තවදුරටත් ව්‍යාපාර කටයුතුවල නියැලෙන්න හොඳ නැහැ. අපි නැවත කිසිම රාජ්‍ය ව්‍යාපාරයක් රාජ්‍ය මැදිහත්වීම තුළ ආරම්භ කරන්නේ නැහැ. දැනට ක්‍රියාශිලීත්වය අතින් පහළම මට්ටමක තිබෙන රාජ්‍ය ආයතන සියල්ල..දැනට 40කට වඩා වැඩි ප්‍රමාණයක් හඳුනගෙන තිබෙනවා. ඒ සියල්ල මුදල් අමාත්‍යාංශය යටතට අරගෙන ඒවා වසා දමන්න අවශ්‍ය වැඩකටයුතු කරනවා. දැනට මේ ආයතනවල ඉන්න අයට කිසිඳු අසාධාරණයක් සිදුනොවෙන්න අපි කටයුතු කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

Join Now

 

ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, .....ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. කාබනික නැවුම් ආහාර රස විඳීමට, නවාතැන් පහසුකම් සහ විනෝදාස්වාදය ලබා ගැනීම වගේම තවත් සුපිරි වාසි රැසක්. 

වැඩි විස්තර මෙතනින්...