සියලුම රාජ්‍ය ආයතන හෙට කළ යුතු දේ - ජනපතිගෙන් විශේෂ දැනුම්දීමක්..!

Ranil Wickremesinghe Sri Lanka Government Of Sri Lanka
By Sewvandhi Jan 04, 2023 01:43 PM GMT
Report

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා, හෙට දිනයේ සියලුම රාජ්‍ය ආයතනවල ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස දැනුම් දී තිබෙනවා.

ඒ, 16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් ශෝකය පළ කිරීමක් ලෙසයි.

ඒ සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කරන්නැයි ද ජනාධිපතිවරයා විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත උපදෙස් ලබාදී තිබේ.

16 වන ‍බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ අවමංගල්‍ය අවසන් කටයුතු හෙට සිදුකිරීමට නියමිතය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now