රාමසාන් වලට නිවාඩු ලැබෙන්නේ මෙහෙමයි.

Sri Lanka
By krishani Mar 06, 2023 02:11 AM GMT
Report

මෙවර රාමසාන් සමය වෙනුවෙන් රාජ්‍ය සේවයේ නිරත ඉස්ලාම් බැතිමතුන් සඳහා විශේෂ සේවාමුර සහ නිවාඩු ක්‍රමවේදයක් හඳුන්වා දීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යංශය පියවර ගෙන ඇත.

ඒ අනුව අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් සහ රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ප්‍රධානීන් වෙත චක්‍රලේඛයක් යොමු කරමින් එය සඳහන් කර ඇත.

එනම් ඉස්ලාම් බැතිමතුන්ට සිය ආගමට අනුව ඊට අදාළ වතාවත්වල නිරතවීමට ඒ අනුව අවස්ථාව හිමිවනු ඇති අතර එය ක්‍රියාත්මක වන්නේ මාර්තු මස 23වන දින සිට ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join