සමාජ මාධ්‍යයේ පළවන පුවතක් සම්බන්ධයෙන් ජනාධිපති කාර්යාලයෙන් නිවේදනයක්.

Sri Lanka Government Of Sri Lanka
By krishani Feb 03, 2023 11:20 PM GMT
Report

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව ආ තානාපතිවරුන් 11 දෙනෙකු සහ මහකොමසාරිස්වරුන් 6 දෙනෙකු ජනාධිපති වෙත සිය අක්තපත්‍ර භාරදීම වෙනුවෙන් පෙරේදා (02) මහනුවර ජනාධිපති මන්දිරයේ පැවති රාජ්‍ය තාන්ත්‍රික කටයුත්ත සම්බන්ධයෙන් සමාජ මධ්‍ය තුළ සංසරණය වෙමින් පවතින සාවද්‍ය තොරතුරු සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කර ඇත.

එකී රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ශ්‍රී ලංකා පොලිසියේ විශේෂ ආරක්ෂාව සහිතව මෝටර් රථ මගින් රැගෙන යාම ද යම් පිරිසකගේ විවේචනයට ලක්ව ඇති බව එම නිවේදනයේ සඳහන් වේ.

පෙබරවාරි 04 දිනට යෙදෙන 75 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවයේ වැඩසටහන් ඇතුළු විශේෂ රාජකාරී කටයුතු කිහිපයක් එදින ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ ප්‍රධානත්වයෙන් මහනුවර දී සංවිධානය කර ඇත.

එයට සමගාමී ව මෙම වැඩසටහන ද මහනුවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

කෙසේවෙතත් 1961 වසරේ දී ඇතිකර ගන්නා ලද රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතා පිළිබඳ වියානා සම්මුතිය ඇතුළුව ලෝකයේ ශිෂ්ට සම්පන්න රටවල සම්ප්‍රදායට ගරු කරමින් තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් අක්ත පත්‍ර පිරිනැමීමට පැමිණීමේ දී ඔවුන්ට රාජ්‍ය තාන්ත්‍රික පිළිගැනීමක් ලබාදීම කවර ආණ්ඩුවක් පැවතිය ද ශ්‍රී ලංකා රජ්‍යයේ වගවීමක් මෙන්ම වගකීමක් ද වන බව ජනාධිපති කාර්‍යාලය නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join