අයවැයෙන් වෙන්කර ඇති මුදලෙන් කොටසක් සදහා 05%ක් කපා දමයි - සමෘද්ධි සහනාධාර ගැනත් ප්‍රකාශයක්..

Ranil Wickremesinghe Government Of Sri Lanka President of Sri lanka
By krishani Jan 10, 2023 09:26 AM GMT
Report

රාජ්‍ය සේවක වැටුප් සහ විශ්‍රාම වැටුප් ගෙවීමෙන් පසු සෙසු අත්‍යවශ්‍ය වියදම් පියවා ගැනීමට මුදල් නොමැති වීම හේතුවෙන් සියලුම අමාත්‍යංශවලට අයවැයෙන් වෙන් කර ඇති මුදල් වලින් 05%ක් කපා දැමීමට රජය පියවර ගෙන ඇත.

ඊයේ(09) පැවති කැබිනට් සාකච්ඡාවේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව ප්‍රකාශ කළ බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

එසේම සමෘද්ධි සහනාධාර ගෙවීම සතියකට හෝ දෙකකට පමා වීමේ හැකියාව පවතින බව ද ජනාධිපතිවරයා එහි දී ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join