රාජ්‍ය සේවය සම්බන්ධයෙන් රතු එළියක්..

Sri Lanka Government Of Sri Lanka
By krishani Jan 02, 2023 07:52 AM GMT
Report

2023 වසර සඳහා රාජ්‍ය සේවාවේ ගුණාත්මක සේවාවක් ලබා දීම වෙනුවෙන් සේවා ප්‍රතිඥාව ලබාදීම අද (02) උදෑසන රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ දී සිදු කෙරුණේ ය.

එම අවස්ථාවට රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න ඇතුළු පිරිසක් එක්ව සිටි අතර එහිදී  රාජ්‍ය පරිපාලන ලේකම් නීල් බණ්ඩාර හපුහින්න සදහන් කළේ සමහර වෘත්තිය සමිතිවල මතය වන්නේ රාජ්‍ය සේවාවේ දිශානතිය ඔවුන් විසින්ම නිගමනය කරන බව ය.

මුළු දවසම සමාජ මාධ්‍ය ජාලාවල සැරිසන්නේ නොමැතිව සියලු දෙනා සේවයේ යෙදෙන ලෙසත්, පෞද්ගලික අංශයේ මෙන් ජංගම දුරකථනය ලොකර් එකේ දමා යන මට්ටමකට රාජ්‍ය අංශය ද පත් නොකරන ලෙසත් රාජ්‍ය පරිපාලන ලේකම්වරයා සේවකයින්ගෙන් ඉල්ලා සිටියා.

එහිදී ලේකම්වරයා වැඩිදුරටත් පැවසුවේ, අවශ්‍ය වුවහොත් ක්‍රලේඛයක් ගෙන ඒමටද පියවර ගැනිමට හැකිවක් පවතින බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join