සමෘද්ධි ප්‍රතිලාභීන් ගැන ග්‍රාම නිලධාරී සංගමය කී දේ..
සමාජ සුබසාධක පනතේ 21 වන සහ 22 වන වගන්ති සංශෝධනය කරනතුරු නිවෙස් කරා ගොස් තොරතුරු එක්රැස් කරගැනීම ඉදිරියට සිදු නොකරන බව සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසයි.
සමෘද්ධි ප්‍රතිලාභීන් නිවැරදිව හදුනාගැනීමේ සමීක්ෂණ කටයුතු එළඹෙන මාර්තු මාසය වන විට අවසන් කිරීමට අපේක්ෂා කරන බවට මුදල් අමාත්‍යාංශය ඊයේ(26) කළ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින් එහි සභාපති කමල් කිත්සිරි මේ බව කියා සිටියේ ය.
සමෘද්ධිලාභීන් පිළිබද නිසි ඇස්තමේන්තුවක් නොමැති බවට ඉදිරිපත් වී ඇති කරුණු සැලකිල්ලට ගෙන පසුගිය දා විවෘත අයදුම්පත් කැඳවීමට රජය පියවර ගනු ලැබීය.
මේවන විට අයදුම්පත් සංඛ්‍යාව ලක්ෂ 38ක් ලැබි ඇති බව එහි සදහන් විය.
එම අයදුම්පත් අතරින් සැබෑ ප්‍රතිලාභින් තෝරාගැනීමේ කටයුතු ග්‍රාම නිලධාරි මට්ටමින් ආරම්භ කර ඇති බව මුදල් අමාත්‍යාංශය සදහන් කළේ ය.
කෙසේ වෙතත් ප්‍රතිලාභීන්ගේ තොරතුරු එක්රැස් කිරීමේ දී අසත්‍ය තොරතුරු ලබාදෙන ග්‍රාම නිලධාරීන් ඇතුළු රජයේ නිලධාරීන් වරදකරුවන් වන බවට සමාජ සුභසාධන පනතේ 21 සහ 22 වන වගන්ති කඩිනමින් සංශෝධනය කළ යුතු බව සමස්ත ලංකා එක්සත් ග්‍රාම නිලධාරී සංගමය පවසා සිටින්නේ.
කෙසේවෙතත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසුවේ තොරතුරු රැස් කිරීමේ දී එක් නිවසක් වෙනුවෙන් ලබාදෙන රුපියල් 150ක මුදල ප්‍රමාණවත් නොවන බව ය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |