රජයේ ආයතනවල පැවති නිවාඩුවක් අවලංගු කෙරෙයි..

Sri Lanka Cabinet Government Of Sri Lanka
By krishani Aug 02, 2022 05:45 AM GMT
Report

ඉන්ධන අර්බුදය හේතුවෙන් රාජ්‍ය අංශයේ සේවකයන්ට ප්‍රවාහන පහසුකම් සපයා ගැනීම ගැටලුවක් බවට පත් ව තිබීම හේතුවෙන් හා ඉදිරියේ ඇති විය හැකි ආහාර අර්බුදයට පිළියමක් වශයෙන් කෘෂිකාර්මික කටයුතුවල නිරත වීමට රජයේ ආයතන සිකුරාදා දිනවල විවෘත නොකිරිම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය 2022 - 06 - 12 පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේ දී හිමි විය.

ඒ අනුව උපදෙස් සහිතව මාස 03ක් සඳහා වලංගු වන ලෙස චක්‍රලේඛයක් නිකුත් කෙරුණු අතර මේ වන විට පොදු ප්‍රවාහනය යථාවත් වෙමින් පවතින බැවින් ඉහත චක්‍රලේඛය වහාම ක්‍රියාත්මක වන පරිදි අවලංගු කිරීමට අමාත්‍යවරයා විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join