මෙරට පාසල් සිසුන්ට ඉන්දියාවෙන් ලැබුණ වටිනා තිළිණය.

Government Of India India
By krishani Mar 12, 2023 05:40 AM GMT
Report

මෙම වසරට අවශ්‍ය පාසල් පෙළපොත් මුද්‍රණය කිරීමට ඉන්දියානු ආධාර යටතේ ශ්‍රී ලංකාවට ලැබුණු මුදල් වලින් අමෙරිකානු ඩොලර් මිලියන 10ක මුදලක් වැයකර ඇති බව ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලය නිවේදනය කළේ ය.

එමගින් මේ වසරට අවශ්‍ය සමස්ත පෙළපොත් ප්‍රමාණයෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් මුද්‍රණය කිරීමට හැකියාව ලැබී ඇත.

ශ්‍රී ලංකාවේ මූල්‍ය අර්බුදයට මුහුණ දීම සඳහා ඉන්දියාව විසින් පසුගිය වසරේ අමෙරිකානු ඩොලර් බිලියනයක ආධාර මුදලක් ලබා දී ඇති අතර ආහාර, ඉන්ධන, ඖෂධ, කාර්මික අමුද්‍රව්‍ය ඇතුළු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය මිලදී ගැනීම සඳහා මෙම ආධාර මුදල ඉන්දියාව විසින් පසුගිය මාර්තු මාසයේ ලබා දී ඇත්තේ.

එම අධාර මුදලෙන් අමෙරිකානු ඩොලර් මිලියන 10ක් පෙළපොත් මුද්‍රණය කිරීමට අවශ්‍ය මුද්‍රණ කඩදාසි සහ අමුද්‍රව්‍ය ලබා ගැනිමට වැයකර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්,ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න.යන ඔබට වාසි රැසක්.

වැඩි විස්තර සඳහා මෙතනින් පිවිසෙන්න.