ඉන්දීය ජනපතිනියගෙන් රනිල් වික්‍රමසිංහ මහතාට විශේෂ ලිපියක්.. (PHOTO)
Ranil Wickremesinghe
Sri Lanka
Government Of India
President of Sri lanka
By krishani
ඉන්දියාවේ නව ජනාධිපතිනි ද්‍රෞපදී මුර්මු ශ්‍රී ලංකාවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහට සිය සුබ පැතුම් එක්කර තිබේ.
ඒ නව ජනාධිපතිවරියගේ පත්වීම වෙනුවෙන් ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ යොමු කළ ලිපියට පිළිතුරු ලිපියක් යොමු කරමින් ය.
ජනාධිපතිවරිය ප්‍රකාශකර ඇත්තේ ඉන්දියාවේ සමීපතම අසල්වැසියෙකු ලෙස සිටින ශ්‍රී ලංකාව මුහුණ දී ඇති අර්බුදවලට අසල්වැසියාට ප්‍රමුඛත්වය යන ප්‍රතිපත්තිය යටතේ සිට අඛණ්ඩව සහයෝගය ලබාදෙන බවයි.
දෙරට අතර දීර්ඝ කාලීනව පවතින ද්වී පාර්ශවීය සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි බලාපොරොත්තුවන බව ද ජනාධිපතිවරිය සිය සුබ පැතුම් ලිපිය මගින් ප්‍රකාශකර ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
