ලංකාව සම්බන්ධයෙන් ඉන්දීය රජය ගත් විශේෂ තීරණය..

Sri Lanka Economic Crisis Government Of Sri Lanka Government Of India Sri Lanka Anti-Govt Protest
By krishani Jul 17, 2022 09:13 AM GMT
Report

ශ්‍රී ලංකාවේ වර්තමාන තත්ත්වය පිළිබඳව ඉන්දීය පාර්ලිමේන්තු නියෝජනය කරන පක්ෂවල නායකයින් ලබන අඟහරුවාදා දිනයේ දැනුවත් කිරීමට  එරට රජය තීරණය කර තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව ලබන පාර්ලිමේන්තු සැසිවාරය තුළදී පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂවල නායකයින් සඳහා එම දැනුවත් කිරීම සිදුකිරීමට නියමිතය.

ශ්‍රී ලංකාවේ පවතින දේශපාලන අර්බුදය සහ ආර්ථික අර්බුදය විසදිමට අඛණ්ඩව සහය ලබාදෙන බවට ඉන්දියාව ශ්‍රී ලංකාවට සහතිකයක් ලබාදී තිබේ.

ඉදිරි මාස 06ක කාලය සඳහා ශ්‍රී ලංකාවේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට අමෙරිකානු ඩොලර් බිලියන 05ක පමණ මුදලක් අවශ්‍ය වන අතර ඉන් ප්‍රධාන ආධාර ලබාදීමක් ඉන්දියාව විසින් සිදුකරනු ඇති බව ද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join