චීන රජයෙන් මෙරට පාසල් දරුවන්ට විශේෂ පරිත්‍යාගයක්..

Sri Lanka China
By krishani Jul 16, 2022 03:42 AM GMT
Report

චීනය විසින් සහල් මෙට්‍රික් ටොන් 1000 ක මානුෂීය ආධාර තොගයක්, පාසල් දරුවන්ට පෝෂ්‍යදායි ආහාරවේලක් ලබාදීමේ වැඩපිළිවෙල යටතේ අධ්‍යාපන අමාත්‍යාංශයට ලබා දී තිබෙන අතර චීන ආහාර ආධාර සැලැස්ම යටතේ සහල් මෙට්‍රික් ටොන් 10,000 ක් ලබාදීමට නියමිත අතර එහි දෙවන කාණ්ඩය වශයෙනුයි මෙම සහල් තොගය පාසල් දරුවන් සඳහා ලබා දී ඇත්තේ.

ඒ අනුව දිවයිනේ පළාත් 9 ක පාසල් 7900 ක ලක්ෂ 11 ක් පමණ පාසල් දරුවන් වෙනුවෙන් පෝෂ්‍යදායි ආහාර වේලක් ලබාදීම මෙහි අරමුණ වන අතර එය දරුවන්ට ලබා දීම විශේෂ සහයක් බව ශ්‍රී ලංකාවේ, චීන තානාපති ෂිංහොං ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join