බංග්ලාදේශයෙන් මෙරටට ණය සහනයක්..

Sri Lanka Bangladesh
By krishani Apr 17, 2023 05:11 AM GMT
Report

ශ්‍රී ලංකාවට බංග්ලාදේශයෙන් ලබා දී තිබූ ණය මුදල නැවත ලබා දීම සඳහා එරට රජය මාස හයක සහන කාලයක් ලබා දී ඇති බව වාර්තා වේ.

බංග්ලාදේශය ශ්‍රී ලංකාවට 2021 වසරේ දී හුවමාරු ගිවිසුමක් යටතේ ඩොලර් මිලියන 200ක ණය මුදලක් ලබා දීමට කටයුතු කර තිබිණ.

ශ්‍රී ලංකාව විසින් එම ණය මුදලේ පළමු වාරිකය පියවීම අගෝස්තු මාසයේදීත් දෙවන වාරිකය පියවීම සැප්තැම්බර් මාසයේදීත් සිදුකිරීමට නියමිතව ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join