බංග්ලාදේශ රජය ශ්‍රී ලංකාවට දුන් විශේෂ කාලය..

Sri Lanka Bangladesh
By krishani Jan 13, 2023 04:22 AM GMT
Report

විනිමය හුවමාරු ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ගත් ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීමේ කාලය යළි දීර්ඝ කර ඇති බව බංග්ලාදේශ මහ බැංකුව නිවේදනය කළේ ය.

ඒ අනුව ශ්‍රී ලංකාවට අදාළ ණය ගෙවීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබා දෙයි.

පවතින ආර්ථික අර්බුදය සැලකිල්ලට ගනිමින් එම කාලය දීර්ඝ කිරීම සිදුකළ බව බංග්ලාදේශ මහ බැංකුව සඳහන් කළ අතර අදාළ ණය ගෙවීම සඳහා තවදුරටත් කාලය ලබාදෙන ලෙස ශ්‍රී ලංකාව බංග්ලාදේශ රජයෙන් ඉල්ලීමක් කර තිබූණේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join