තහනම් කර තිබියදී රාජ්‍ය සේවයට පිරිසක් බඳවා ගන්න යයි..බඳවා ගන්න විදිය මෙන්න..
Sri Lanka Politician
Government Employee
Sri Lanka
By Aruna
රජයේ ආයතනවලට සේවකයන් බඳවා ගැනීම මුදල් අමාත්‍යංශය විසින් අත්හිටුවනු ලැබ තිබියදී ,ප්‍රධාන පෙළේ අමාත්‍යාංශයකට අයත් අධිකාරියකට ආරක්ෂකයන් හා රියදුරන් විශාල පිරිසක් බඳවා ගැනීමේ සූදානමක් පවතින බව වාර්තා වනවා.
එසේ බදවා ගනු ලබන සේවකයන් අතරට,නම් දෙක බැගින් එවන ලෙස අදාළ අධිකාරිය අයත් අමාත්‍යාංශය ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට දැනුම් දී ඇතැයි ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සදහන් කරයි.
එම අධිකාරියේ දැනටද ඉතා විශාල සේවක පිරිසක් අතිරික්ත ව සිටින බව ද දැනගන්නට ඇත.
එසේ තිබියදී මේ ආකාරයට අලුතින් සේවකයන් බදවා ගැනීම බරපතල ගැටලුවක් බවයි එම ආයතනයේ සේවකයන්ද සඳහන් කරන්නේ.
රට මුහුණ දී ඇති බරපතළ ආර්ථික අර්බුදය හමුවේ අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඇතුළු රාජ්‍ය ආයතනවල වියදම් දැඩි ලෙස සීමා කර ඇති අතර, ඒවායේ බඳවා ගැනීම් ද මුදල් අමාත්‍යංශය විසින් අත්හිටවනු ලැබ ඇත.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |