රජයේ ආයතන දෙකක මුල් පුටුවල වෙනසක්
Bandula Gunawardane
Sri Lanka
Sri Lankan political crisis
By Sewvandhi
නව දුම්රිය සාමාන්‍යාධිකාරී තනතුරට ඩබ්ලිව්.ඒ.ඩී.එස්. ගුණසිංහ මහතා පත්කර තිබේ. ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් මෙම පත්කිරීම සිදුකර තිබේ.
ඒ මහතා ශ්‍රී ලංකා ක්‍රම සම්පාදන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරියෙක් මෙන්ම ජනාධිපති අතිරේක ලේකම්වරයෙකු ලෙසද මීට පෙර කටයුතු කර ඇත.
මේ අතර නව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල්වරයා ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිළධාරියෙකු වන නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පත්කර තිබේ. අද ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යාංශයේදී අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් ඔවුන් සිය පත්වීම්වලට අදාළ ලිපි බාරගෙන ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |