රාජ්‍ය නිළධාරින්ට විශේෂ කොමිසමකින් දැනුම්දීමක්

By Sithumi Jan 05, 2023 06:12 PM GMT
Report

  පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වා ප්‍රතිඵල ප්‍රකාශයට පත් කරන  කාල සීමාව දේශපාලන පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂකයන් ප්‍රවර්ධනය කිරීමට හේතුවන නැතහොත් වෙනත් පක්ෂ කණ්ඩායම් අපේක්ෂකයන්  අගතියට පත්වන ආකාරයේ කටයුතු සඳහා රාජ්‍ය දේපළ භාවිත කිරීමෙන් වැළකිය යුතු බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා. 

  මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පැවසුවේ අමාත්‍යංශ ලේකම්වරුන්, දෙපාර්තමේන්තු ප්‍රධානීන් ප්‍රමුඛ සියලු නිළධාරීන් ඒ සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බවයි.  

එම කාල සීමාව තුළ රජයේ නිළධාරීන්, සේවකයන් බඳවා ගැනීම්, උසස් කිරීම්, මාරු කිරීම් සීමා කළ යුතු බවද මැතිවරණ කොමිෂන් සභාව පෙන්වා දෙනවා.  

 මේ අතර අද පළාත් පාලන ආයතන 19ක් සඳහා දේශපාලන පක්ෂයක් හා ස්වාධීන කණ්ඩායම් දෙකක් ඇප තැන්පත් කර ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසනවා.