මෙට්‍රෝ බස්වලට අත තියන්න එපා - හානි කරන අයට එරෙහිව දැඩි නීතිමය පියවර

Bimal Rathnayake Srilanka Bus Latest Headlines Sinhala news Puwath.lk
By R.rishma Oct 09, 2026 07:32 AM GMT
Report

මෙට්‍රෝ බස් රථවලට හානි කරන පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බිමල් රත්නායක මහතා අනතුරු අඟවා තිබෙනවා.

මහජන දේපළවලට හානි කිරීම සම්බන්ධයෙන් වගකිවයුතු රියදුරන්ට හෝ බස් රථ හිමිකරුවන්ට නීතිය ක්‍රියාත්මක කරන බවයි අමාත්‍යවරයා සඳහන් කළේ.

දැනට මෙට්‍රෝ බස් රථ 100ක් පමණ ධාවනයේ යෙදෙන බවත්, බහුතරයක් පෞද්ගලික බස් රථවලින් එම සේවාවට බාධාවක් සිදුව නොමැති බවත් ඔහු පැවසුවා. වාර්තා වී ඇත්තේ සිද්ධීන් කිහිපයක් පමණක් බැවින් එය සමස්ත පෞද්ගලික බස් රථ ක්ෂේත්‍රයේ ගැටලුවක් ලෙස නොසැලකිය යුතු බව ද අමාත්‍යවරයා අවධාරණය කළා.

මෙට්‍රෝ බස් සේවාවට සහයෝගය ලබාදෙන ලෙස වගකිවයුතු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි අමාත්‍යවරයා, ඉදිරි වසර තුළ මෙම සේවාව පෞද්ගලික අංශයේ සහභාගීත්වය සඳහා විවෘත කරන බව ද ප්‍රකාශ කළා.