ජනපති අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරයි..ජනවාරි 18 කරන දේ මෙන්න.

Parliament Political Mahinda Rajapakshe Gotabaya Rajapakshe Spacial gazette
By Aruna Dec 13, 2021 12:05 AM GMT
Report

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරීමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කර තිබෙනවා.

ඒ ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70 වන ව්‍යවස්ථාවෙන් පැවරී ඇති බලතල ප්‍රකාරවයි.

ඒ අනුව දෙසැම්බර් මස 12 වෙනිදා මධ්‍යම රාත්‍රී 12 සිට බලපැවැත්වෙන පරිදි පාර්ලිමේන්තුවේ වාරාවසාන කිරිමට අදාලව අති විශේෂ ගැසට් පත්‍රය නිකුත් කෙරුණා.

පාර්ලිමේන්තුවේ මීළඟ වාරය ආරම්භ කරනු ලබන්නේ 2022 වර්ෂයේ ජනවාරි මස 18 වෙනිදා පෙරවරු 10.00ටයි.

සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery