ජනපතිට ඉවත් වෙන්නයි පොහොට්ටුවේ 47ක් තීන්දු කරයි..ප්‍රභල ඇමතිවරුද ඒ අතර..

Dullas Alahapperuma Gotabaya Rajapaksa Sri Lanka Politician Sri Lanka Sri Lanka Podujana Peramuna
By Aruna Jul 08, 2022 05:50 AM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සිය ධුරයෙන් ඉවත් විය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් හතළිස් හත් දෙනකු තීරණය කර තිබෙනවා.

ඊයේ පස්වරුවේ පැවති රැස්වීමකදී මෙම පිරිස සාකච්ඡා කර ඇත්තේ රට තුළ ඇතිවෙමින් පවතින තත්වය සැලකිල්ලට ගනිමින් ජනාධිපතිවරයා ගෞරවනීය ලෙස ධුරයෙන් සමු ගෙන නව ජනාධිපතිවරයකු පත් කිරීමට අවස්ථාව උදාකර දිය යුතු බවයි.

කොතරම් බලා සිටි ද ජනාධිපතිවරයා ගේ නායකත්වය යටතේ රට යථා තත්ත්වයට පත්වන බවත් නොපෙනෙන නිසා රට ලේ ගංගාවක් බවට පත්ව දේපල ජීවිත හානි සිදුවීමට ඇති බවද ඔවුන්ගේ අදහස වී ඇත.

එනිසා ගෝටාභය රාජපක්ෂ මහතා දිගින් දිගටම ධුරයේ සිටිය හොත් අවසානයේ බෙදුම්වාදී බලවේග ශක්තිමත් වනු ඇතැයි ද රටේ ස්වෛරීභාවයට තර්ජනයක් වනු ඇති බවද ඔවුන් සාකච්ඡා කර තිබේ.

ජනාධිපතිවරයා ඉවත්වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සියලු දෙනාගේ එකඟතාවයෙන් ජේෂ්ඨ දේශපාලන නායකයෙක් ජනාධිපතිධුරයට පත් කළ යුතු බව ද ඔවුන් සාකච්ඡා කර ඇත.

මෙම සාකච්ඡාව සඳහා වත්මන් ඇමතිවරුන් තිදෙනෙකුද, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන් වන චරිත හේරත්, නාලක ගොඩහේවා, චන්න ජයසුමන, උපුල් ගලප්පත්ති, උදේන කිරිදිගොඩ, අකිල එල්ලාවල ඇතුළු පිරිසක් එක්ව සිට ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now