ගෝඨාභය රාජපක්ෂ ගෙදරයැවීමේ මහ මොලකරුවන් ගැන ආන්දෝලනාත්මක හෙළිදරව්වක්..ඝාතන සැලැස්මක් ගැනත් කියයි.(VIDEO)

Basil Rajapaksa Gotabaya Rajapaksa Mahinda Rajapaksa Shasheendra Rajapaksa Janatha Vimukthi Peramuna
By Aruna Mar 15, 2024 02:55 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලනය බිඳ වැට්ටවීමට ප්‍රධාන කුමන්ත්‍රණකරුවා වන්නේ එවක ජනාධිපති ලේකම් පී බී ජයසුන්දර මහතා බව හිටපු ජනාධිපතිවරයාගේ පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා සඳහන් කර සිටිනවා.

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට කිසිදු පුද්ගලයෙකු මුණ ගැසීමට නොදී හිර කරන ලද්දේ ජෙනරාල් එගොඩවෙල බවටද ඔහු චෝදනා කිරීම ආන්දෝලනයට තුඩුදෙන කාරණයක්.

ආරක්ෂක ලේකම් කමල් ගුණරත්න මෙන්ම එවකට හිටපු හමුදාපති ශවේන්ද්‍ර සිල්වාද ගැහුවේ ගේමක් බවත් හෙතෙම වැඩිදුරටත් කියා සිටියි.

ඔහු මෙම අදහස් පළ කිරීම සිදු කළේ අන්තර්ජාල නාලිකාවක පැවති විශේෂ සාකච්ඡාවකට එක් වෙමිනි.

මෙම ආන්දෝලනාතමක හෙළිදරව්ව ඇතුලත් වීඩියෝව පහතින් නරඹන්න...