ගෝඨාභය රාජපක්ෂ හදිසියේම තීරණයක් ගන්න යයි..

Gotabaya Rajapaksa
By Aruna Aug 18, 2022 04:40 AM GMT
Report

දැනට තායිලන්තයේ වෙසෙන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නැවතත් ඇමෙරිකාවේ ස්ථිර පදිංචියට යාම සඳහා වන කටයුතු ආරම්භ කර තිබේ.

ඒ අනුව ඔහු ඇමරිකානු ග්‍රීන් කාඩ් ලොතරැයිය ලබාගැනීම වෙනුවෙන් කටයුතු ආරම්භ කර ඇත.

ඇමරිකානු පුරවැසියකුව සිටි ඒ මහතා මෙරට ජනාධිපතිවරණයට තරග කිරීමට පෙරාතුව එම පුරවැසිකම ඉවත් කර ගත්තේය.

කෙසේ වෙතත් ඔහුගේ බිරිද, පුත්‍රයා සහ ලේලිය ඇමරිකානු පුරවැසියන් වන හේතුවෙන් හිටපු ජනාධිපතිවරයාට නැවත එරට පුරවැසිකම ලබා ගැනීමේ හැකියාවක් ඇති බවද වාර්තා වෙයි.

නමුත් ඇමරිකානු පුරවැසි කම අත්හළ පුද්ගලයෙකුට යළි එය ලබාදීමට ඇමෙරිකානු රජය දැඩි සීමා පනවා තිබේ.

දැනට තායිලන්තයේ සිටින සිටින ගෝඨාභය රාජපක්ෂ මහතා එළඹෙන 24 වැනි දින මෙරටට පැමිණෙනු ඇති බව ද ඊයේ දිනයේ උදයංග වීරතුංග මහතා සඳහන් කළේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now