පිටරට සිටින හිටපු ජනපති ගෝඨාභයගෙන් ප්‍රකාශයක්!!.

Bandula Gunawardane Gotabaya Rajapaksa Sri Lanka
By Aruna Aug 16, 2022 11:02 PM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ විදේශයන් හිදී කරන කිසිදු වියදමක් සඳහා රජයේ මුදල් වැය නොකරන බව රජය පවසනවා.

රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ, එබඳු සියලු වියදම් හිටපු ජනාධිපතිතුමාගේ පෞද්ගලික මුදලින් දරනු ලබන බවයි.

අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීම සඳහා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී ඊයේ (16) පැවති මාධ්‍ය හමුවේදී හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් ගැන මාධ්‍යවේදීන් ප්‍රශ්න කර තිබුණා.

හිටපු සහ වත්මන් ජනාධිපතිවරුන්ට නීතියෙන්ම ඇතැම් වරප්‍රසාද හිමි බවට ඊට පිළිතුරු දෙමින් ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන කළ සඳහන හිටපු ජනාධිපතිවරයාගේ එතෙර වියදම් සඳහා රජය මුදල් වැය කරන බව ඇඟවෙන අයුරින් ඇතැම් මාධ්‍ය විසින් වාර්තා කර තිබුණු බව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙනවා.

ඒ අනුව රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ, තමාගේ එතෙර වියදම් ගැන ඇතැම් මාධ්‍ය පළකර ඇති වාර්තා වැරදි බව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැනුම් දී ඇති බවයි.

එම සියලු වියදම් සඳහා වැය කරනුයේ සිය පෞද්ගලික මුදල් බව ගෝඨාභය රාජපක්ෂ අවධාරණය කළ බවද අදාළ නිවේදනයේ දැක්වෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now