ගෝඨාභය ලංකාවෙන් ගිය හේතුව මහින්ද පළමු වරට කියයි..

Gotabaya Rajapaksa Mahinda Rajapaksa
By Aruna Aug 07, 2022 07:18 AM GMT
Report

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා යළි ශ්‍රී ලංකාවට පැමිණෙන දිනය තමාට ස්ථිර වශයෙන් තවමත් දැනුම් දුන්නේ නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රධාන පුවත්පතකට ප්‍රකාශ කර තිබෙනවා.

එම පුවත් පත නැගූ ප්‍රශ්න කීපයකට මහින්ද රාජපක්ෂ මහතා පිළිතුරු දී ඇත්තේ මෙසේය.

ප්‍රශ්නය – ගෝඨාභය මහත්මයා රටින් පැනලා ගියේ ඇයි?

පිළිතුර – එයා පැනලා ගියා කියලා චෝදනා නගන්නේ කවුද?

ප්‍රශ්නය – ජනතාව

පිළිතුර – ඕනෑ කෙනෙකුට ඕනෑ විදිහකට කියන්න පුළුවන්.

ඒවා ඔක්කෝම නිර්මාණය කරපු කතා.

එයා ගියේ වෛද්‍යවරයා ලවා පරීක්ෂා කරගන්න. (චෙකප් එකකට) එයා ගියේ මටත් කියලයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now