ගෝඨාභයට සිංගප්පූරුවෙන් වහාම ඉවත් වන්නැයි දැනුම් දෙයි..ලඟදීම ලංකාවට එයි?.

Gotabaya Rajapaksa Sri Lanka Singapore
By Aruna Jul 19, 2022 11:05 PM GMT
Report

දැනට සිංගප්පූරුවේ රැදී සිටින හිටපු ජනාධිපති ගෝඨාභ්‍ය රාජපක්ෂ මහතාට දින 15ක් තුළ එරටින් ඉවත් වන ලෙස දැනුම් දී තිබෙන බව වාර්තා වනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, සිංගප්පූරුව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ආරක්ෂාව සැපයීම සම්බන්ධයෙන් මේ වන විට ගැටලුවකට මුහුණ දී ඇති බවයි.

සිංගප්පූරුවෙන් මැද පෙරදිග රටකට පිටත් ව යාමට හිටපු ජනාධිපතිවරයා සැලසුම් කර තිබුනද මෙතෙක් එය සිදුව නැත.

ඒ අනුව ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ඊළඟ ගමනාන්තය කුමක්දැ මෙතෙක් තහවුරු වී නැත.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන අගෝස්තු මාසයේ ලංකාවට පැමිණෙන බවද පසු ගිය දිනවල පුවතක් වාර්තා වුණා.

කෙසේවෙතත් මෙරටට පැමිණෙන දිනය තවමත් නිශ්චිතව දැනුම්දී නැහැ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now