ජනාධිපති අද ධුරයෙන් අස්වෙයි!!.. පක්ෂ නායකයෙක් ගෙන් හෙළිදරව්වක්..

Gotabaya Rajapaksa Sri Lanka Politician Vasudeva Nanayakkara Sri Lanka President of Sri lanka
By Aruna Jul 08, 2022 11:03 PM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (09) දිනයේ ධුරයෙන් ඉවත් වනු ඇතැයි හිටපු අමාත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා සඳහන් කරනවා.

ජනාධිපතිවරයා එසේ ධුරයෙන් ඉවත් වනු ඇති බවට තමනට තොරතුරු ඇති බව ද හෙතෙම කියා සිටියේය.

ජනාධිපතිවරයාට ගෙදර යා යුතු බව සියලු දෙනාම දැන් පවසන බවද පැවසීය.

සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සඳහා වූ සාකච්ඡාවලින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් පළ කරමින් හෙතෙම මේ අදහස් පල කලේය.

මේ අතර ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට රටින් පිටවී, ආරක්ෂිතව වාසය කිරීම සඳහා අවශ්‍ය කටයුතු සිදුකෙරෙමින් පවතින බව ට තොරතුරු වාර්තා වෙයි .

රාජ්‍ය බුද්ධි ප්‍රධානියාවන මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි හට මේ සම්භන්ධයෙන් වගකීම පවරා ඇති අතර පසුගිය 04දා ඔහු ඩුබායි සහ අබුඩාබි දක්වා ගොස් ඇත්තේ ද ඒ කටයුතු සම්පාධනය සඳහා බවට ද මාධ්‍ය වාර්තා පළ වෙයි.

ගෝඨාභය රාජපක්ෂ මහතාට සමීප රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් කිහිපදෙනෙකු විසින් ද මේ සතියේ තානාපති අංශ කිහිපයක් සමග සාකච්ඡා පවත්වා ඇති බවටද මාධ්‍ය වාර්තා කරන අතර එම එක් සාකච්ඡාවක් සඳහා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිගේ භාරතීය ජනතා පක්ෂයේ නායකයෙකු වන රාම් මාධව් ද සහභාගි වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now