ජනපති හදිසියේ ශ්‍රී ලංකාවෙන් යන්න යයි..
Singapore
Cabinet
Mahinda Rajapakshe
Gotabaya Rajapakshe
By Aruna
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අද (13) අළුයම කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළෙන් සිංගප්පූරුව බලා පිටත්ව ගොස් ඇති බව වාර්තා වනවා.
ජනාධිපතිවරයා පෞද්ගලිකව සිදු කරන මෙම සංචාරයේදී දින කිහිපයක් සිංගප්පූරුවේ රැඳී සිටීමට නියමිතව ඇති බවටයි වාර්තා වන්නේ.
එම කාලසීමාව තුළ දී ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමටත් නියමිත බව නිල නොලත් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරනවා.
ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ සැසිවාරය නිමා කළ ජනාධිපතිවරයා මෙලෙස හදිසියේ සිංගප්පූරුව බලා පිටත්ව යෑමත් සමග අද (13) දහවල් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීමටත් ජනාධිපතිවරයාගේ නියෝජනය අහිමි වනවා.
ඒ අනුව අද දහවල් පැවැත්වෙන කැබිනට් මණ්ඩල රැස්වීම පැවැත්වෙනු ඇත්තේ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් බවයි එම වාර්තා වැඩිදුරටත් සඳහන් කරන්නේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |