ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සිංගප්පූරුවට ඇතුළු වීම සම්බන්ධයෙන්, සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශයෙන් විශේෂ නිවේදනයක්..!

Gotabaya Rajapaksa Sri Lanka Singapore
By Sithumi Jul 14, 2022 12:41 PM GMT
Report

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මාලදිවයිනේ සිට සිංගප්පූරුවට පැමිණි බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.

මේ අතර සිංගප්පූරුව වෙත පැමිණීමෙන් අනතුරුව ජනාධිපතිවරයා සිය ඉල්ලා අස්වීමේ ලිපිය කථානායකවරයා වෙත යොමුකරනු ඇති බවට අපේක්ෂා කෙරේ.

ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට "පුද්ගලික සංචාරයක්" සඳහා සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති බව සිංගප්පූරු විදේශ කටයුතු අමාත්‍යාංශය තහවුරු කරයි. කිසිම සරණාගතභාවයක් ඉල්ලා නොසිටි අතර ලබා දී නොමැත.

SG MFA ප්‍රකාශය: මාධ්‍ය ප්‍රශ්නවලට පිළිතුරු වශයෙන්, රාජපක්ෂ මහතාට පෞද්ගලික සංචාරයක් සඳහා සිංගප්පූරුවට ඇතුළු වීමට අවසර දී ඇති බව තහවුරු වේ. ඔහු සරණාගතභාවය ඉල්ලා නොමැති අතර ඔහුට කිසිදු රැකවරණයක් ලබා දී නොමැත. සිංගප්පූරුව සාමාන්‍යයෙන් සරණාගත ඉල්ලීම් ලබා නොදේ


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now 


GalleryGalleryGallery