හිටපු ජනපති ගෝඨාභයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි නිකුත් කරයි..!

Gotabaya Rajapaksa Sri Lanka Economic Crisis Sri Lanka Sri Lankan political crisis
By Sewvandhi Jul 27, 2022 11:46 AM GMT
Report

රටත් ජනතාවත් බංකොලොත් භාවයට පත් කිරීමට වගකිවයුත්තන්ට එරෙහිව පරීක්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සමට අදාළව අගෝස්තු 01 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසත් කරුණු දක්වන ලෙසත් හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට නොතීසි නිකුත් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කර තිබේ.

එම අයදුම්පත්‍රවල පෞද්ගලික වගඋත්තරකරුවෙකු ලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් තීරණය කළා.

අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, විජිත් මලල්ගොඩ සහ එල්.ටී.බී. දෙහිදෙණිය යන විනිසුරුවරුන් ඉදිරියේ මෙම අයදුම්පත් කැඳවනු ලැබීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now